
- වර්ග මීටර් 150,000 ක වපසරියකින් යුතු මෙහි භාණ්ඩ පැටවීමේ ස්ථාන 24 කින් සමන්විතයි
- භාණ්ඩ පැලට් 23,000 ගබඩා කිරීමේ පහසුකම්
කටුනායක ටී.කේ.ජී. කපිල
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නවීනතම පහසුකම්වලින් සමන්විත විශාලතම ගබඩා සංකීර්ණයක් ‘ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්’ (Dart Global Logistic) සමාගම් ජාලය විසින් ඉකුත්දා විවෘත කළේය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් මෙම ගබඩා සංකීර්ණය ඉදි කිරීමට ආයෝජනය කර ඇති අතර වර්ග මීටර් 150,000 ක වපසරියකින් යුතු මෙහි භාණ්ඩ පැටවීමේ ස්ථාන 24 කින් සමන්විතය. මෙම ගබඩා සංකීර්ණයේ භාණ්ඩ පැලට් 23,000 ගබඩා කිරීමේ පහසුකම් ද තිබේ.
ඉන්දියාව, මැලේසියාව, බංගලදේශය වැනි රටවලින් රැගෙන එන විවිධ භාණ්ඩ, අගය එකතු කර නැවත ප්‍රතිඅපනයනය සඳහා මෙම ගබඩා සංකීර්ණය භාවිත කර යොමු කෙරෙන අතර දේශීය සහ විදේශීය ආනයන - අපනයන වෙළෙඳාමේ නිරත වූවන්ට මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නිෂ්පාදන ද කොළඹ වරාය ඔස්සේ මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ද අපනයනයට යොමු කිරීම මෙම ගබඩා සංකීර්ණය මගින් සිදු කෙරේ.
මෙම සමාගම් ජාලය සතුව මුතුරාජවෙල ප්‍රදේශයේත් මෙවැනි ගබඩා සංකීර්ණයක් ඇති අතර මීට අමතරව ගෝලීය වශයෙන් ඉන්දියාව, බංගලදේශය ඩුබායි, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල ද මෙවැනිම ගබඩා සංකීර්ණ ජාලයක් සතුව පවතී.
මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල, ඩාර්ට් සමාගම් සමූහයේ සභාපති චාල්ස් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd