
විශේෂයෙන් ගෙවීම් කිරීම සහ ප්‍රේෂණවලට අදාළ මූල්‍ය හා බැංකුකරණයේ ඩිජිටල් පරිවර්තනය විසින් අතිශය උද්යෝගී බවක් උත්පාදනය කර තිබේ. එයින් පහසුව, වේගය සහ ප්‍රවේශ වීමේ හැකියාවෙන් යුතු අලුත් යුගයකට පාරිභෝගිකයන් සහ කර්මාන්තය ගෙන ගොස් තිබේ. ඩිජිටල් මූල්‍යකරණය නම් පදය මතුවූයේ 1970 ගණන්වල ඉලෙක්ට්‍රොනික් මූල්‍ය හුවමාරුව (EFT) හඳුන්වා දීමත් සමගයි. අද වන විට එයින් සම්ප්‍රදායික බැංකුකරණය සහ මූල්‍ය සේවා, වඩාත් වේගවත්, ප්‍රවේශ වීමේ හැකියාව වැඩි, වඩාත් ලාබදායි, යයි සැලකෙන ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ බලපෑම හඳුන්වනු ලබයි.
ඩිජිටල් මූල්‍යකරණයෙන් මූල්‍ය තාක්ෂණ නවීකරණය සහ ව්‍යාප්තවීමට ලක්වූ මූල්‍ය සමාන්වේදනය (Financial Inclusion) දිරිමත් කිරීමද සිදුවිය. න්‍යායාත්මකව ගත්විට ඩිජිටල් පරිවර්තනයෙන් බැංකුවල මෙහෙයුම් පිරිවැය අඩුකරන දෙන අතර, සේවාවේ ගුණාත්මක බවත් වේගයත් වර්ධනය කරනු ලබයි.
ඩිජිටල් මූල්‍යකරණයෙන් සුවපහසුව පිරිනමන මුත් නිතරම පාරිභෝගිකයන්ට අවසානයේ සිදුවන්නේ ඩිජිටල් කරණයට අදාළ තාක්ෂණය වෙනුවෙන් කළ ආයෝජන උදෙසා ගෙවීම් කිරීමටයි. එම අර්ථයෙන් ගත්විට ඩිජිටල් කරනයට මාරු වීමේ මූලික අරමුණ පිරිවැය අඩු කිරීමය යන පොදු උපකල්පනය හා එය පරස්පර වෙයි. ඩිජිටල් මූල්‍යකරණයේ සැබෑ විරුද්ධාභාසය නම් එයින් ආයතන උදෙසා වූ පිරිවැය පහත හෙළීමත්, පාරිභෝගිකයන්ට යන වියදම ඉහළ යාමත්ය.
- ප්‍රතිඥාවට එරෙහිව ඩිජිටල්කරණයේ යථාර්ථය
ඩිජිටල් පරිවර්තනය නිතරම පාහේ සරල ආර්ථික සමීකරණයකින් සාධාරණීකරණය කරනු ලැබේ.
එනම් ස්වයංක්‍රීයකරණය හා තාක්ෂණය එක් වූවිට මෙහෙයුම් පිරිවැය අඩු විය යුතු වේය යන්නයි. න්‍යායාත්මකව ගත්විට, භෞතිකව ශාඛා ස්වල්පයක් අවශ්‍ය වීම නිසාත් එදිනෙදා කාර්යයන්හිදී එක් පුද්ගලයකු සඳහා වැයවීම් අඩුවීම නිසාත් මුද්‍රණ හා කඩදාසි පදනම් කරගත් ලේඛන සඳහා වියදම් අඩුවීම සහ මිනිසා නිරත වන ක්‍රියා පරිපාටීන්ට වැය වෙන කාලය අඩුවීම නිසාත් එය බැංකුවලට හා මූල්‍ය ආයතනවලට ඒවා ප්‍රයෝජනවත් වෙයි.
මෙකී ඇතැම් අඩුවීම් සැබෑ ඒවාය. ඩිජිටල් පද්ධතිවලින් කාබන් අඩංගු පෝරම, ෆොටෝ කොපි, යළි යළිත් සිදුකරන කාර්යාල ක්‍රියාකාරකම් ඉවත්ව යා හැකිය. සංකල්පීය වශයෙන් එවැනි ඉතිරිකිරීම්වලින් මූල්‍ය සේවා ලාබදායී, වේගවත් සහ ප්‍රවේශයට පහසු විය යුතු තත්වයට පැමිණෙන බැවින් මූල්‍ය සමාන්වේදනයේ පුළුල් අරමුණුවලට යා හැකි ලෙස දියුණුවට පත් වන්නේය.
එසේ වුවද ඩිජිටල් මූල්‍යකරණය තුළ වැදගත් වූත් සංකීර්ණ වූත් විරුද්ධාභාසයක් අඩංගු වන්නේය. ඩිජිටල් පරිවර්තනයේ කතාව ගොඩනැගී ඇත්තේ කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ ප්‍රතිඥාව මතය. වියදම්වලින් කොටසක් සෘජුවම පාරිභෝගිකයා වෙත මාරු කරනු ලබන අතර අනෙක් කොටස ආයතනය තුළම වෙනත් තැන්වලට යවනු ලැබේ.
ඩිජිටල් මූල්‍යකරණයේ පහසුව උදෙසා ගනුදෙනු ගාස්තු, ATM යන්ත්‍ර වලින් මුදල් ඉවත් කරගන්නා විට ගෙවන ගාස්තු Platform සේවා ගාස්තු smart දුරකථන සඳහා යන පිරිවැය, අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු, ජංගම ඬේටා, වෙනත් ගෙවීම් සහ පාරිභෝගිකයා පිට වැඩි වැඩියෙන් පැටවෙන ස්වයං සේවා වියදම් ඔස්සේ පාරිභෝගිකයන් කරන ගෙවීම් නිරන්තරයෙන් වැඩිවෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන් සේවාවට පමණක් නොව ඒ වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය වෙන යටිතලපහසුකම්වලටද පාරිභෝගිකයා ගෙවීම් කරන්නේය.
ඒ අතරවාරයේම ඔවුන්ගේ පිරිවැය ව්‍යුහය තුළ ආයතනද වෙනත් භාරයකට මුහුණ දෙයි. ඩිජිටල් පරිවර්තනය උදෙසා යන වියදම අතුරුදහන් නොවන්නේ, ඒවා මෘදුකාංග බලපත්‍ර ලබා ගැනීම්, සයිබර් ආරක්ෂාව, පද්ධති දියුණු කිරීම, නව තාක්ෂණය උදෙසා අඛණ්ඩව යන වියදම් ආදියේ වේශයෙන් ඒවා ආපසු හැරී ආයතන වෙතට පැමිණෙන බැවිනි. එම නිසා බැංකු අඛණ්ඩව තාක්ෂණික වශයෙන් අදාළ තරගකාරී ආයෝජන උදෙසා නිරන්තරව පෙලඹේ.
එම නිසා ඩිජිටල්කරණයේදී මූල්‍ය පද්ධතියෙන් නියත ලෙස පිරිවැය ඉවත් කිරීමක් සිදු නොවන්නේය. එහිදී සිදුවන්නේ හුදෙක් ඒ සඳහා වියදම් දරන්නා මාරු වීම පමණකි. ආයතනවල ඇතැම් අභ්‍යන්තර වියදම් අඩු විය හැකි වුවද, භාවිත කරන්නෝ නිහඬව යටිතල පහසුකම්වලට යන වියදම්වලින් කොටසක් අවශෝෂණය කර ගනිති. ඒ අතරතුර ආයතන නඩත්තු කිරීමේ බරත් ඩිජිටල් පරිසර පද්ධතිය වැඩි දියුණු කිරීමේ බරත් නොකඩවාම උසුලා ගනී.
- පිරිවැය අඩු කිරීම වෙනුවට පිරිවැය මාරු කිරීම
සම්ප්‍රදායික බැංකු මාදිලිය විසින්, යටිතල පහසුකම්වල, කාර්ය මණ්ඩලයේ සහ කඩදාසි වැඩවල පිරිවැය උසුලනු ලබන අතර, පාරිභෝගිකයෝ යටිතල පහසුකම්වල බර ඉසිලීමට සෑහෙන තරමින් දායක වෙති. පාරිභෝගිකයෝ තමන්ගේම උපකරණ භාවිත කරමින් ස්වයංසේවා ගනුදෙනු පවත්වා ගනිමින් සහ ඩිජිටල් සුපරීක්ෂණ සම්පූර්ණ කරගනිමින් මෙහෙයුම් ක්‍රියාදාමයට සහභාගී වෙන්නන් බවට පත් වෙති. එහෙත් ඔවුන් එසේ කරනුයේ ඒ ගැන අවබෝධයකින් තොරවය. කොටින්ම කිවහොත් ඔවුහු බැංකුවේ මෙහෙයුම් පිරිවැයවලින් කොටසක් කිසිදු වන්දියක් නොලබා උසුලති.
- පහසුව වෙනුවෙන් ගෙවන අමතර මිල
ඩිජිටල් මූල්‍යකරණයේදී මිල නියම කිරීමේ අලුත් සංකල්පයක් ‘‘පහසු වාරිකය” යනුවෙන් හඳුන්වා තිබේ. එහිදී මෙහෙයුම් පිරිවැය පහත වැටී ඇති විටදී පවා පාරිභෝගිකයෝ කාලය සහ පහසුව උදෙසා ගෙවීම් කරති. මෙකී මිල ගෙවීම්වලින් 24/7 ප්‍රවේශ වීමේ හැකියාව වැනි ඇගයුම් ලක්ෂණවලට, වේගයට සහ යවන්නා සහ ප්‍රතිලාභියා අතර, සිදුවන ක්ෂණික ගනුදෙනු ආදියත් පිළිබිඹු වේ. නිවාඩු දින සහ ශාඛා වසා තිබේය යන්නද එහිදී සැලකෙන්නේ නැත.
ආර්ථිකමය කොන්දේසි අනුව ඩිජිටල් මූල්‍යකරණයෙන් පහසුව ,මුදල් බවට පත් කළ හැකි වත්කමක් බවට පරිවර්තනය කර තිබෙන්නේ කාර්යක්ෂමතාව සහ ක්ෂණික බවටද ගාස්තු අය කරමිනි. ඒවා කාලයක් ස්පර්ශ කළ නොහැකි වාසි ලෙස සැලකුණු අතර, ඒ යටින් දිවෙන මෙහෙයුම් බරෙන් කොටසක් පාරිභෝගිකයා පිට පැටවේ.
- මූල්‍ය සමාන්වේදනය, මූල්‍ය වාණිජකරණයට එරෙහිව
ලෝක බැංකුවට අනුව මූල්‍ය සමාන්වේදනය ඔස්සේ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට, ගනුදෙනු, ගෙවීම්, ණය, සහ රක්ෂණ වැනි වියදම් දැරිය හැකි වැඩදායී මූල්‍ය නිෂ්පාදන හා සේවාවලට ප්‍රවේශය පවතීද යන්න තහවුරුවේ.
මෙය දරිද්‍රතාව අඩු කිරීම, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් උපාංග හරහා වැඩිහිටියන් විසින් බැංකු ගත කර නොතිබුණු බිලියන ගණන් මුදල් ඒකරාශි කර ගැනීම ආදිය උදෙසා වඩා වැදගත් වේ යයි සැලකේ.
ඩිජිටල් මූල්‍යකරණය නිතරම මූල්‍ය සමාන්වේදනය හා එහි විභව වාසි වැඩි ජනතාවකට ලබාදීම හුවා දක්වන්නා වූ වාහකයක් ලෙස ඉදිරිපත් කෙරේ. කෙසේ වුවද මෙම ප්‍රකාශය මූල්‍ය සමාන්වේදනයේ ක්‍රමෝපායික අභිප්‍රාය අබිබවා මූල්‍ය වාණිජකරණය ඉස්මතු වීමේ ප්‍රවණතාව වර්ධනය වීම සමඟ ප්‍රායෝගික වශයෙන් පරස්පර විය හැකිය.
ඩිජිටල් මූල්‍යකරණයෙන් නිසැක ලෙසම කාර්යක්ෂමතාව වර්ධනය විය. කෙසේ වුවද කාර්යක්ෂමතාව ස්වයංක්‍රීයව වියදම් දැරීමේ හැකියාව බවට පරිවර්තනය නොවන්නේය. බොහෝ ආයතන පිරිවැය පරිශීලකයන් වෙත පවරා ඩිජිටල් පරිසර පද්ධතිය තුළ ලාබයට ප්‍රමුඛතාව ලැබෙන පරිදි දැඩිව පිරිවැය ප්‍රතිව්‍යාප්ත කිරීම කරනු පෙනේ.
මෙකී ගාස්තු එක පිට එක ගොඩ ගැසෙද්දී අඩු ආදායම් ලාභී පරිශීලකයන්ට සිදුවනුයේ, සම්ප්‍රදායික බැංකුකරණය කෙරෙහි විශ්වාසය තබා ඇති ධනවත් පුද්ගලයන්ට වඩා අනුපාතයෙන් වැඩි කොටසක් මූල්‍ය සේවා උදෙසා ගෙවන්නටය. මෙම සංසිද්ධිය ඔස්සේ ‘‘ඩිජිටල් මූල්‍ය ස්ථරායනය” යනුවෙන් හැඳින්වෙන විරුද්ධාභාසයකට මඟ පෑදේ.
වෙනත් වචනවලින් කිවහොත් තාක්ෂණයෙන් පිරිවැය පහත හෙළන අතර, ඩිජිටල් වේදිකාවලින්, එම පිරිවැය ප්‍රතිව්‍යාප්ත කරන්නේ කෙසේද යන්න නිතරම යළි අර්ථ දැක්වේ. එහිදී නිතරම පාහේ සිදුවන්නේ වැඩි කොටසක් පරිශීලකයා පිට පැටවීමය.
2026 අගෝස්තු 19, Daily FT හි පළවූ
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd