IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


Mark and Comm විශිෂ්ටත්වයට ජාත්‍යන්තර සම්මාන

ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක් වන Mark and Comm සමාගම පසුගියදා පැවැති Campaign’s Agency of the Year Awards 2025 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගැනීමටත්, Rest of South Asia PR Agency of the Year කාණ්ඩයේ  (දකුණු ආසියානු) එකම ජයග්‍රාහකයා බවට පත්වීමටත් සමත්විය. මෙම සම්මාන උළෙල පසුගියදා මුම්බායි නුවර ITC Maratha හෝටලයේදී පැවැත්වුණි. 
Campaign Asia-Pacific Agency of the Year Awards යනු ආසියානු පැසිෆික් කලාපයේ දැන්වීම්කරණ, අලෙවිකරණ සහ සන්නිවේදන ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය අගයනු වස් සංවිධානය කරනු ලබන කීර්තිමත්ම සම්මාන උළෙලයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් විනිශ්චය කරනු ලබන සම්මාන උළෙලේදී නිර්මාණකරණය, මාධ්‍ය, ඩිජිටල්, මහජන සබඳතා සහ විශේෂිත කාණ්ඩ යටතේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් සම්මාන පිරිනැමේ. 
“අපේ සේවාදායකයන් වෙනුවෙන් උසස් ප්‍රතිඵල රැගත් මහජන සබඳතා ක්‍රමෝපාය සැකසීමට අපේ කණ්ඩායම දරන උත්සාහයට ලැබුණු වටිනා ඇගයුමක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකියි. එහිදී සම්මාන සඳහා නිර්දේශිත එකම මහජන සබඳතා ආයතනය බවට පත්වීම හරහාත් විවිධ ග්‍රාහක පිරිස් වෙනුවෙන් ගැළපෙන සන්නිවේදන විසඳුම් සැපයීමට අපි ලබාදෙන දායකතත්වය හොඳින් පිළිබිඹු වෙනවා.” යනුවෙන් මෙම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා ප්‍රකාශ කළේය. 
2011 වසරේදී ආරම්භ කරන ලද Mark and Comm සමාගම මේ වනවිට තාක්ෂණ, කෘෂිකර්මාන්ත, ඇඟලු‍ම්, සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වෙළෙඳාම් (FMCG), මූල්‍ය සහ රක්ෂණ, සංචාරක, අධ්‍යාපන, ප්‍රවාහන සහ තිරසර යන අංශවලට අයත් දේශීය සහ බහුජාතික සන්නාම රැසකට සේවා සපයයි. 
Mark and Comm සමාගම ගෝලීය මහජන සබඳතා ජාල කිහිපයක ද සක්‍රීය සාමාජිකත්වය දරයි. ලෙව රටවල් 100කට වැඩි ගණනක ක්‍රියාත්මකවන ස්වාධීන මහජන සබඳතා ආයතන 80කට වැඩි ගණනක් නියෝජනය කරන Global Com මහජන සබඳතා ජාලයේ සාමාජිකත්වය මෙන්ම, තවත් ගෝලීය මහජන සබඳතා ආයතන දෙකක් සමග Mark and Comm සමාගම සහයෝගීතාවක් පවත්වාගෙන යයි. PRCA APAC සංවිධානයේ ආයතනික සාමාජිකත්වය දරන අතර, තන්සිල් තාජුඩීන් මහතා PRCA APAC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද CIPR හි ජාත්‍යන්තර කමිටු සාමාජිකයකු ද වේ. 
මෑතකදී Hootsuite සහ Talkwalker තාක්ෂණ විසඳුම් සඳහා ලංකාවේ සහ මාලදිවයිනේ එකම බලයලත් නියෝජිත ලෙස ද Mark and Comm සමාගම තෝරා පත්කර ගැනුණි. ඒ අනුව වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ලාංකික සහ මාලදිවයින් වෙළෙඳපොළ වෙත සමාජ මාධ්‍ය නිරීක්ෂණය, මාධ්‍ය නිරීක්ෂණය සහ සමාජ මාධ්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමේ හැකියාව ද සමාගම සතුය.



අදහස් (0)

Mark and Comm විශිෂ්ටත්වයට ජාත්‍යන්තර සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site