DFCCබැංකුව සිය 2020 වාර්ෂික වාර්තාව එළිදැක්වීමේදී ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. මෙය මේ වනවිට ලොවම හැඩගැසෙමින් පවතින නව ප්‍රවණතා ('New Normal') වලට අනුගත වෙමින්, 2025 වසර වනවිට මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය බැංකුව සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් බව එම බැංකුව සඳහන් කරයි.
DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ඩිජිටල්-ප්‍රමුඛත්වය අපගේ වසර 2025 ක්‍රමෝපායේ වැදගත් අංගයක්. එය අපට මේ ආකාරයට යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමටත්, 2020 වසරේදී ඇතිවූ අභියෝගකාරී තත්ත්වයට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවීමටත් ප්‍රධාන වශයෙන් හේතු වූවා. දැන් අපගේ ගනුදෙනුකරුවන්ට නවීනතම ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ දුරස්ථ ක්‍රමයට අප සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම පරිසර හිතකාමීත්වය අතින් ගත්විට, අපද්‍රව්‍ය වලින් බලශක්තිය නිපදවීම මෙන්ම ජලය, සුළඟ සහ සූර්යාලෝකය මගින් බලශක්තිය නිපදවීමේ හරිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතම ණය දෙන්නෙකු ලෙසDFCC බැංකුව ඉදිරියෙන්ම සිටින බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. 2021 වසරේදීත් සාර්ථක ලෙස ඉදිරියට යාමටDFCC බැංකුව සූදානම්.”
මෙම වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී, විවිධ පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් සපුරාලන ආකාරයට, එකිනෙකට වෙනස් මාධ්‍ය හා ආකෘතීන් භාවිතා කිරීමටDFCC බැංකුව කටයුතු කර තිබේ. එම පාර්ශ්වකරුවන්ගේ එකිනෙක වෙනස් අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කිරීමට බැංකුවට අවස්ථාව සලසා දෙන විශේෂාංග වලින් සමන්විත, HTML ක්‍රමයට සකස් කළ වාර්තාව මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
DFCC වාර්ෂික වාර්තාව ඩිජිටල් ක්‍රමයට