
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වසර 44ක් පුරා මෙරට පාරිභෝගිකයන්ගේ විශ්වාස දිනූ Telesonic Mobility පුද්ගලික සමාගම මගින් මෙරටට ගෙන්වන විද්‍යුත් ස්කූටර් සන්නාමයක් වන AIMA අලෙවි නියෝජිත MIHIN E RIDES (Authorized Dealers) ශාඛාව ඉඳුරුව ගෝනගලපුර නගරයේදි විවෘත කෙරිණ.
ඉඳුරුව ගෝනගලපුර පොදුවෙළෙඳ සංකීර්ණයේ ආරම්භ වුණු මේ AIMA විද්‍යුත් ස්කූටර් ශාඛාවෙන් ගෝනගල පුරවරයට නවමු අත්දැකීමක් සහ එම පුරවයට නව ආලෝකයක් එක් කළේය.
මේ අවස්ථාවට ටෙලිසොනික් මොබිලිටි පුද්ගලික ආයතනයේ විකුණුම් අංශ ප්‍රධානී සුජිත් සංජීව, බස්නාහිර පළාත් අලෙවි කළමනාකරු රෝහණ, දකුණු පළාත් ප්‍රාදේශීය අලෙවි කළමනාකරු මධුසංඛ, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd