ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හරහා අලෙවි කරන භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගෙන් සියයට 64 ක් දෙනා තවමත් කැමැත්ත දක්වන්නේ එම භාණ්ඩ තමන් වෙත ලැබුණු අවස්ථාවේදී මුදල් ලබා දීම හෙවත් කෑෂ් ඔන් ඩිලිවරි සඳහා බව වාර්තා වෙයි.
ඒෂියා පැසිපික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාර්කටින් (APIDM) සහ කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යයන අංශය එක්ව ඉදිරිපත් කළ Digital Outlook 2026 වාර්තාවේ මෙම කරුණු සඳහන් වෙයි.
ඒ අනුව මෙම ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්නන් අතරින් සියයට 25ක් පමණක් ඩෙබිඩ් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීමට කැමැත්ත පළ කරන බවත්, සියයට 6ක් පමණක් බැංකු ඇප් වැඩසටහනක් හෝ වෙනත් අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රමයකට එම මුදල් ගෙවීමට කැමැත්තක් දක්වන බවත් අනාවරණය වී තිබේ.
මෙම වාර්තාවට අනුව 2025 වසරේදී මෙම කෑෂ් ඔන් ඩිලිවරි කැමැත්ත සියයට 52ක් ලෙස සටහන්ව ඇති අතර, වසරක් තුළ එය සියයට 12 ක ඉහළ යාමකි. කෙසේ වෙතත් කාඩ්පත් මගින් ගෙවීම පසුගිය වසරේ පැවැති සියයට 35ක සිට සියයට 10කින් පහළ බැස තිබේ. එසේම ඔන්ලයින් බැංකු හුවමාරුවක් හරහා එම ගෙවීම් සිදු කිරීම සියයට 8ක සිට සියයට 6ක් දක්වාත් පහත වැටී තිබේ.
ඒ අනුව අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගත්තත්, ජනතාව ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ එම ගෙවීම් සිදු නොකර, තවදුරටත් මුදල් යොදා ගනිමින් එම ගෙවීම් කිරීමට යොමුවීමක් දැකගත හැකි වන බවත් මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ සඳහා අදාළ අන්තර්ජාල භාණ්ඩ අලෙවිකරුවන් පිළිබඳව මෙරට පාරිභෝගිකයන් අතර තවදුරටත් පවතින විශ්වාසය පිළිබඳව ගැටලුව මූලික බවත් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd