- කෙන්යාවේ Twiga සමාගමේ සියයට 75ක් අත්පත් කරගැනීමත් එහි එක් අවස්ථාවක්
- මේ හරහා නැගෙනහිර අප්‍රිකාවේ රටවල් 10ක මිලියන 300ක වෙළෙඳපොළක් ඉලක්කයයි
භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී වසර 2030 වන විට සිය ආදායමෙන් සියයට 15ක් ජාත්‍යන්තර වෙළෙඳපොළ හරහා උපයා ගැනීමේ සැලසුමක පසුවන බව පවසයි.
ඒ අනුව සිය සමූහයේ පළමු ජාත්‍යන්තර අත්පත් කරගැනීම ලෙස පසුගියදා කෙන්යාවේ සුප්‍රසිද්ධ ලිපිද්‍රව්‍ය සහ මුද්‍රණ සමාගමක් වනTwiga Stationers and Printing Limited හි සියයට 75ක බහුතර කොටස් හිමිකාරීත්වයක් සිය Atlas Axillia හරහා ඩොලර් මිලියන 12.6ක මුදලකට අත්පත් කරගැනීම එහි මූලික අවස්ථාවක් බවත් සඳහන් කරයි.
හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශිෂ් චන්ද්‍රා, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විධායක අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසෆුලි සහ සමාගමේ ප්‍රධාන උපායමාර්ගික සහ වර්ධන නිලධාරී රිස්නි ෆයිසාල් යන ප්‍රධානීන් එක්ව පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. විශේෂයෙන්ම සිය ව්‍යාපාරය ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුනක කාලයක් පුරා සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵල ලෙස මෙම අත්පත් කරගැනීම සිදු කළ බවත්, ඒ හරහා නැගෙනහිර අප්‍රිකානු කලාපයේ තවත් රටවල් 10ක වෙසෙන මිලියන 330 කට ආසන්න පිරිසකට සිය නිෂ්පාදන රැගෙන යාමට මෙය අවස්ථාවක් වනු ඇතැයි අශිෂ් චන්ද්‍රා මහතා මෙහිදී පවසා සිටියේය.
‘‘කෙන්යාව එක්සත් ජනපද ඩොලර් බිලියන 136ක ආර්ථිකයක්. එය වාර්ෂිකව සියයයට 5ක වේගයකින් වර්ධනය වෙනවා. ඒ වගේම කෙන්යාව කියන්නේ මිලියන 54ක පාරිභෝගික පදනමක් සහිත සියයට 2ක වාර්ෂික ජනගහන වර්ධනයක් සහිත රටක්. ඒ වගේම කෙන්යාවේ පාසල් වයසේ පසුවන දරුවන් සංඛ්‍යාව මිලියන 14ක්. එය ශ්‍රී ලංකාවේ මෙන් තුන් ගුණයක්. කෙන්යාවේ සමස්ත ලිපිද්‍රව්‍ය වෙළෙඳපොළ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක් පමණ වෙනවා’’.
මීට අමතරව කෙන්යාව නැගෙනහිර ආසියානු කලාපයේ ක්‍රියාත්මක නැගෙනහිර අප්‍රිකානු ප්‍රජාව (EAC) සහ අප්‍රිකානු මහාද්වීපයේ නිදහස් වෙළෙඳ ප්‍රදේශය (AfCFTA) සමගින් සම්බන්ධ වීම හේතුවෙන් එම කලාපයේ මිලියන 300 කට අධික වෙළෙඳපොළකට ප්‍රවේශයක් හිමිවන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ සබ්‍රිනා එසෆුලි මහත්ම්ය, Twiga කෙන්යාව තුළ වසර 60කට වැඩි කාලයක් මෙහෙයුම් පවත්වාගෙන යන බවත්, අභ්‍යාස පොත් වෙළෙඳපොළේ සියයට 30ක පංගුවක් ඊට හිමි බවත් පැවසුවාය.
“මේ Twiga සමාගමට අයත් Kasuku සන්නාමය ගැන ජනතාවගෙන් සියයට 91ක්ම දන්නවා. එය මේ ව්‍යාපාරය අත්පත් කරගැනීමට හේතු වුණු තවත් එක අවස්ථාවක්. ඒ වගේම හේමාස් සතු පෑන්, පැන්සල් සහ අනෙකුත් පාට නිෂ්පාදන මේ වෙළෙඳපොළට යොමු කරන්න හැකියාව තිබෙනවා.“
කෙසේ නමුත් Kasuku සතු ජනප්‍රියතාවත් සමගින් එරට වෙත සිදු කරන නිෂ්පාදන සියල්ලම එම සන්නාමයෙන්ම පමණක් ඉදිරිපත් වනු ඇති බවත්, කෙන්යාව තුළ හෝ නැගෙනහිර අප්‍රිකාව තුළ හේමාස් සමූහයේ Atlas සන්නාමය හඳුන්වාදීමක් සිදු නොවනු ඇති බවත් මෙහිදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ රිස්නි ෆයිසාල් මහතා කෙන්යාවේ නයිරෝබි අගනුවර වර්ග අඩි 290,000 ක විශාලත්වයෙන් යුත් පරිශ්‍රයක පිහිටි මෙම Twiga කර්මාන්තශාලාව සතු ස්ථාපිත ධාරිතාව මෙට්‍රික්ටොන් 38,000ක් බවත් එය ශ්‍රී ලංකාවේ ඇති ධාරිතාව මෙන් දෙගුණයක්බවත් පවසා සිටියේය. එසේම වසරකට එම කර්මාන්තශාලාව හරහා නිපදවිය හැකි පොත් සංඛ්‍යාව මිලියන 345ක් බවත් සඳහන් විය.
“මේ කර්මාන්තශාලා සතු සේවකයන් සංඛ්‍යාව 500 ක්. එකඟතාවට අනුව එහි වත්මන් සභාපතිවරයා වසර දෙකක කාලයකට එම ධුරය දරනවා. ඇට්ලස් ඇක්සිලියා ප්‍රධාන විධායක අසිත සමරවීර එහි ප්‍රධාන විධයක නිලධාරී ලෙස පත් කෙරෙනවා. මේ අත්පත් කරගැනීමත් සමගින්ම හේමාස් සමූහයේ සමස්ත ලිපිද්‍රව්‍ය නිෂ්පාදන ධාරිතාව ආසන්න වශයෙන් තුන් ගුණයකින් ඉහළ යනවා.“
මේ අතර කෙන්යාව යනු බොහෝ ව්‍යාපාරික අවස්ථා රැසක් පවතින රටක් බවත්, Atlas හරහා කෙන්යාවේ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තය වෙත පිවිසුනු ආකාරයටම, ඉදිරියේදී සුදුසු ආයෝජන හරහා හේමාස් සමූහය කෙන්යාවේ තවත් ව්‍යාපාර මෙහෙයුම් අත්පත් කරගැනීමට යොමුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd