IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


96 ජයග්‍රහණයේ 25 වැනි සැමරුමට දැවැන්ත ගොඩනැඟිල්ලක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය.

ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. 

ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.

මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.   

එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි. වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ 500 කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. මම හිතනවා ලක්‍ෂ 500 ක් ලැබෙයි. ඊට වඩා වැඩි මුදලක් අපි බලාපොරොත්තු වෙනවා”

“1996 ට පෙර ක්‍රීඩකයන් නොසිටියේ නම් අපිට 96 වසරේ ලෝක කුසලානය දිනන්න බෑ. ලෝක කුසලානයක් අපිට හීනයක් පමණක් වෙනවා. හිටපු ඇතැම් ක්‍රීඩකයන් ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටිනවා. ඒ නිසා අපි මීට වසර හතරකට පමණ පෙර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කරලා එකඟ වුණා”



අදහස් (24)

96 ජයග්‍රහණයේ 25 වැනි සැමරුමට දැවැන්ත ගොඩනැඟිල්ලක්

kithsiri Thursday, 06 April 2017 10:00 AM

මේ අදහස් කරන්නේ ආයේ කවදාවත් අපිට ක්‍රිකට් ලෝක කුසලානයක් නොදිනන බවද?

:       0       0

sanjeewa Thursday, 06 April 2017 11:10 AM

බොරු වැඩ. එක ලෝක කුසලානෙකට මෙහෙම නම් ඔස්ට්‍රේලියාව කොහොම සමරන්න ඕනෙද.

:       543       274

lalithsjm Thursday, 06 April 2017 11:32 AM

හොද වැඩක්. ඒ උනත් නැවත ලෝක කුසලානය දිනන්න සුදුසු වැඩ පිළිවලක් තමා වඩා වැදගත්.

:       2       137

Lakvidu Thursday, 06 April 2017 03:20 PM

පරණ ඒවා සමර සමර ඉන්නේ නැතුව අලුත් ජයග්‍රහණයක් ලබන්න වැඩ කලොත් ඊට හොඳ නැද්ද?

:       40       133

Ananda Yapa Thursday, 06 April 2017 03:57 PM

මගේ සිහිනයක් තවත් අයුරකින් ඉටූවීම සතුටක්. ලෝකයේ පලමු පෙලේ ඡයග්‍රහනයක් ලබා ගත් ක්‍රිඩාව ක්‍රිකට්. එහෙත් එය සැමරීමට ස්ථානයක් නොමැති වීම ලොකු අඩුපාඩුවක්.

:       196       16

Lanka Perera Thursday, 06 April 2017 05:51 PM

මේක පුද්ගලික අංශයේ ආයෝජනයක් නේ... රටට රස්සා, රටේ අයට ගෙවල් ලැබෙන නිසා හොදයි..

:       10       172

chris Thursday, 06 April 2017 09:43 PM

හා!හා! අර්ජුන හිතාගන ඇති ජනතාව මෝඩයෝ කියල. කට්ටිය එකතුවෙලා සුපිරි ආයෝජනයක් කරන්නේ, පුලුවන්නම් අංග සම්පුර්ණ ගම්මානයක් හදල [ගෙවල්.පිට්ටනියක්, පාසලක් යනාදිය ] 96 ලෝක කණ්ඩායම දාන්න. අබ සරනයි ශ්‍රී ලංකා !!!!

:       88       147

සෙන්ජී Friday, 07 April 2017 05:02 AM

කොහෙන්ද සල්ලි ලැබෙන්නෙ ? මොකක්ද රටට වෙන සෙත ? ක්‍රීඩකයන්ට ලැබෙන සෙත මොකක්ද ? කව්ද අසරණ වෙච්ච ක්‍රීඩකයෝ ? අපැහැදිලි තැන් ගොඩයී.

:       254       74

Deepal Nirosh Friday, 07 April 2017 06:36 AM

පසුගිය ජයග්‍රහනය සැමරීමට නොවෙයි දැන් අවශ්‍ය, මීළඟ ලෝක කුසලානය දිනා ගැනීම ක්‍රමවත්ව සැළසුම් කිරීමයි. පසුගිය කාලෙ ඉදිකළ ගොඩනැඟිලිත් දැනට නිකරුනේ තියෙද්දි තවත් මේ වගේ ගොඩනැඟිලි ඉදි කරන්නෙ කවර අරමුණකට ද ?

:       13       88

gagana Friday, 07 April 2017 05:34 PM

වාස්තු විද්‍යාත්මකව මෙලෝ රහක් නැහැ

:       3       24

Nandalal de Silva - France Friday, 07 April 2017 10:26 PM

මේ අර්ජුන රණතුංග මහත්තයම නේද ලෝකේ තියෙන උසම නත්තල් ගහක් හදන්න කියල ගිහින් එකෙන් බාගයක් හදල පස්ස බිම ඇන ගත්තෙත් ? මේ ගොඩනැගිල්ලටත් එහෙම වෙයිදෝ ????

:       1       52

NIHAL Saturday, 08 April 2017 06:52 AM

එදා ලෝක කුසලානය බෙනාසීර් භූතෝ මැතිනියගේ අතින් ලබාගත් මොහෙතේ අපේ ජාතික ගීයාවත් එදා ගායනා කලේ නෑ. මේවා කීදෙනෙක්ට මතකද දන්නෙත් නෑ.

:       4       7

සිරි Saturday, 08 April 2017 07:32 AM

ක්‍රිකට් ජයග්‍රහණයක් සමරන බිල්ඩිමක් බැට් සහ බෝල වගේ වෙනවනම්, උපතක් සමරන බිල්ඩිමක් ගැන හිතනකොට ලැජ්ජත් හිතෙනවා. මෙහෙම විකාර වැඩ කර ලංකාව සිනාවට ලක් නොකර පළපුරුදු වාස්තු විද්‍යාඥයෙක් ගෙන් උපදෙස් ලබාගන්න එක වඩා සුදුසුයි නේද?

:       3       11

LAMAYA Monday, 10 April 2017 04:56 AM

මේ රටේ වැසිකිලියක් නැති පවුල් 1500 ක් විතර තවමත් ඉන්නවා.

:       2       55

සිරිTuesday, 11 April 2017 06:47 AM

ළමයා, 1500 ත් මහා ලොකු ගානක්ද. ඉන්දියාවෙ එහෙම පවුල් 1500 ඒවා 1500 කට වඩා ඇති.

:       20       3

Mahesh Monday, 10 April 2017 08:34 PM

ඔය සල්ලි වලින් අර රට බේරගත්ත අහිංසක රණවිරු පවුල් කීයකට උදවු කරන්න පුලුවන්ද

:       3       43

arunalu Tuesday, 11 April 2017 06:59 AM

අපි හැමදාමත් කරන්නේ මීහරක් වැඩ . මීට වඩා හොදයි දුප්පත් ඉස්කෝලෙකට බිල්ඩිමක් හදල දුන්නනම්. අපේ ජාතික ආහාරය පුන්නක්කු නොවීම පුදුමයක්.

:       79       27

dharshana Thursday, 13 April 2017 03:04 PM

ඕක කලිනුත් පටන් ගත්ත, රාජගිරියේ බුත්ගමුව පාරේ HSBC එක එහා පැත්තේ තියෙන ඉඩමේ

:       0       14

Chathura Sunday, 16 April 2017 03:57 AM

අපරාදෙ සල්ලි... තව ලෝක කුසලානයක් දිනා ගන්න වැඩ පිලිවෙළක් හැදුවා නම් නරකද? ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන 5 ක් දිනලත් මේ වගේ සැමරුම් කරන්නේ නැහැ.

:       0       1

Saumya Tuesday, 18 April 2017 06:21 AM

ස්මාරකයක් හැදීම හොඳ වැඩක් නමුත් විශාල ගොඩනැගිල්ලක්ම විය යුතු නෑ නේද ? මේ වෙලාවේ 96 වීරයෝ පෙළගැහිලා මේ ගොඩ නැගිලි වෙනුවට පාසලක් හෝ වැනි දෙයක් හැදුවනම් හොඳයි, එහෙම නැත්තම් මේ ගොඩ නැගිල්ල හදල කෘෂිකර්ම අමත්‍යන්සයට නිකන් දෙන්න, දැනට ඒගොල්ලෝ කෝටි ගානක් මාසෙකට නිකන් වියදම් කරනවා කාර්යාල නැති ගොඩනැගිල්ලකට බදු ගෙවමින්

:       0       0

gayan Tuesday, 18 April 2017 07:39 AM

මෙතන ප්‍රතිචාර දක්වන අය හිතාගෙන ඉන්නේ මේක ආණ්ඩුවේ සල්ලි වලින් කරනවා කියල උඩ ප්‍රවුර්තිය හරියට කියවා කොමෙන්ට් කරානම් නේද හොද

:       0       0

chaminda Tuesday, 18 April 2017 04:06 PM

හොද වැඩක්. හැබැයි 2011 ලෝක කුසලානය වෙනුවෙන් ඛෙත්තාරාමය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගන හදපු මුදල් තවම ඉංජිෙන්රු සංස්ථාවට ගෙවලා ඉවර නෑ. ඒ්ක දීල හිටියොත් නරකද

:       0       0

sanju Wednesday, 19 April 2017 03:11 AM

ඩොලර් මිලියන 150 ක් ව්‍යාපෘතියකින් ලක්ෂ 500 ද එන්නේ. මේක පට්ට හොර වැඩක්. Cricket වලට හැංගිලා සල්ලි ගහන වැඩක්.

:       0       2

දිනේෂ් Tuesday, 25 April 2017 11:56 AM

මේක ක්‍රිකට් වලට ආදරේට කරන වැඩක්නම් නෙවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට
2025 ජනවාරි මස 10 148 0

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව (Government Digital Payment Platform - GDPP) සම්බන්ධයෙන් 2024 වසරේදී සිදු කරන ලද සාර්ථක නියමු පරීක්ෂණවලින් පසුව 2025 වසරේදී ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකු


වී ගන්න ‘ඔඩපණ’ ණය රුපියක් කෝටි 1000
2025 ජනවාරි මස 10 59 0

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම


Fitch Ratings ලංකා බැංකුවේ තත්වය ඉහළ දමයි
2025 ජනවාරි මස 10 69 0

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDRs) CCC මට්ටම


ලංකාවට මාලදිවයිනේ මහඟු ආර්ථික අවස්ථාවක්
2025 ජනවාරි මස 10 145 0

මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන්


පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ අද ඇරඹේ
2025 ජනවාරි මස 10 48 0

කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදුකරන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (10දා) ආරම්භ කිරීමට නියමිතය.


විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු නියෝග සම්මතයි
2025 ජනවාරි මස 10 12 0

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු තවත් පනත් දෙකක් සම්බන්ධ නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සම්මත විය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 206 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 551 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site