නව කළමනාකාරීත්වය යටතේ නෙළුම් කුලුනේ ආදායම වැඩි වෙයි
කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ (CLTMC) නව පරිපාලනය, 2024 ඔක්තෝම්බර් මාසයේදී නිල වශයෙන් පරිපාලනය භාරගත් දා සිට, මූල්‍යමය වශයෙන් මෙන්ම ක්‍රියාකාරී වශයෙන් ද එහි ඉලක්ක ඉක්මවා ගොස් ඇති අතර, ආදායම සියයට 31 කින් වැඩි වී තිබේ. කොළඹ පිහිටි නෙළුම් කුලුනේ පැවති මාධ්‍ය හමුවකදී CLTMC සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් යන මහත්වරු මෙම අනාවරණය කළහ.