

laptop.lk සමාගම විසින්, වවුනියාව පැරකුම් මහා විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුතු Laptop Desktop පරිගණක සහ ප්‍රින්ටර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ උත්සවය පසුගියදා පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ විශාලතම ලැප්ටොප් සැපයුම්කරු වන laptop.lk විසින් සිය ව්‍යාපාර ජාලයේ සමාජ සත්කාරමය වගකීමක් ලෙස Digital Wings ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාවට නැංවිණි.
laptop.lk සභාපති ෆැමි ඉස්මයිල් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ඩිජිටල් වින්ග්ස් ව්‍යාපෘතිය යනු, ශ්‍රී ලංකාව පුරා අඩු පහසුකම් ඇති පාසල් සහ ප්‍රජාවට ඩිජිටල් තාක්ෂණය හා ඉගෙනුම් වාසිය ලබා දීමේ දිගු කාලීන ජාතික මෙහෙවරක පළමු පියවරකි.
සභාපතිවරයාගේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ එහි අධ්‍යක්ෂ මොහොමඩ් මින්හාජ් ෆාරුක්, බෙදාහැරීම් කළමනාකාර දමිත් දහනායක, අලෙවි ප්‍රවර්ධන කළමනාකරු සංජුල හෙට්ටිගේ මහත්වරු විසින් මෙම සමාජ සත්කාරය සිදු කරන ලදී.
සියලු සිසුන්ට සමාන අවස්ථා ලබා දීම, ඔවුනට තාක්ෂණය මූලික වූ අනාගතයකට විශ්වාසයෙන් පිය නැඟිය හැකි පරිසරයක් සෑදීම laptop.lk අභිලාෂයයි.
එහිදී අදහස් දක්වමින් laptop.lk සභාපති ෆැමි ඉස්මයිල් මහතා මෙසේ කියා සිටියේය.
“මෙම අර්ථවත් ගමනේ පළමු අදියර වවුනියාවේ පැරකුම් මහා විද්‍යාලයෙන් ආරම්භ කරන්නට ලැබීම සතුටට කරුණක්.
එහිදී අප රුපියල් මිලියනයකට වඩා වටිනා ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර සිසු දරුවන් වෙත පරිත්‍යාග කළෙමු.
එමගින් සිසුන්ට සහ ගුරුවරුන්ට ඩිජිටල් ලෝකය ගවේෂණය කිරීමට, ඉගෙනීමට සහ වර්ධනය වීමට පුළුල් අවකාශ උදා වේ.
දැන් මෙම අත්‍යවශ්‍ය මෙවලම් ඔවුන් සතු වන බැවින්, සෑම දරුවකුටම ඩිජිටල් ලෝකයට සම්බන්ධ වීමට, ඉගෙනීමට සහ සමෘද්ධිමත් වීමට අවස්ථාව ලැබී තිබීම, ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස අපට මහත් ආඩම්බරයකි.
තවද, තාක්ෂණය හරහා ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීම සඳහා කැප වූ ආයතනික සමාජ වගකීම් මුලපිරීමක් වන Digital Wings Powered by Laptop.lk දියත් කිරීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වෙමු. මෙම අර්ථවත් ගමනේ ඉදිරි පියවරයන් ඔස්සේ දුෂ්කරතා ඇති පාසල් සිසු දරුවන් වෙත ඩිජිටල් ලෝකය ළඟා කර දෙන්නට අප අත්වැලක් වන්නෙමු.”
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
laptop.lk සමාගමෙන් වවුනියාව පැරකුම් මහ විදුහලට රුපියල් මිලියනයකට අධික Laptop සහ Desktop