IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ජින්සොමින් දියවැඩියාව පිටුදකින මඟ කියයි

නොවැම්බර් 14, ලෝක දියවැඩියා දිනයයි. ලොව පුරා දියවැඩියා රෝගය ශීඝ්‍රයෙන් ඉහළ යෑම වැළැක්වීම සඳහා දැනුවත් කිරීම අරමුණු කරගෙන ලෝක දියවැඩියා සම්මේලනය (IDF)  සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 1991 දී ලෝක දියවැඩියා දිනය ප්‍රකාශයට පත්කර ඇත. මෙවර 2025 ලෝක දියවැඩියා දිනයෙහි තේමාව වන්නේ දියවැඩියාව සහ යහපැවැත්ම යන්නයි. 

දියවැඩියාව පාලනය කළ හැකිය. එමෙන්ම වළක්වාගත හැකිය. ඉන් ඔබ්බට දියවැඩියාව සාමාන්‍යකරණය කළ හැකිය. දැනටමත් ඔබට දියවැඩියාව වැළඳී ඇත්නම් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කළ ආකාරයට ඖෂධ නිසි ලෙස භාවිත කිරීම, නිසි පරිදි සුදුසු ආහාර භාවිතය, නිසි පරිදි ව්‍යායාම කිරීම හා දියවැඩියාව පාලනයට සුදුසු ආහාර අතිරේකයක් ගැනීමත් සිදු කළ හැකිය. ඒ වගේම ඔබට දියවැඩියාව වැළඳී නැතත් ඉදිරියේ දී දියවැඩියාවට ගොදුරු නොවන්නට එදිනෙදා ජීවිතයේ දී අපට කළ හැකි දෑ බොහෝමයක් ඇත. දියවැඩියාව සඳහා ලොව පුරා විවිධ ඖෂධ භාවිත කරන අතර වර්තමානයේ ශාකසාර ඖෂධ කෙරෙහි විශේෂ නැඹුරුවක් දක්නට ලැබේ. එවන් මහඟු ශාකසාර ඖෂධයකි ජින්සෙන්. වසර 5000කට පෙර චීනයේ දී හඳුනාගැනුණු ජින්සෙන් ශාකසාරයෙහි ගුණය ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය ඉහළ දමමින් රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම පාලනය කර එහි පරිභෝජනයද ඉහළ දැමීමට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. මෙහි දී, ජින්සෙන් තුළ අඩංගු ජින්සෙනෝසයිඞ් ක්‍රියාකාරී සංඝටකය මඟින් දියවැඩියාව පාලනයට දායකත්වය සපයන ආකාරය විද්‍යාත්මක පර්යේෂණ මඟින් සනාථව ඇත. 

ජින්සෙන් අක්මාව තුළ ග්ලූකෝස් නිපදවීම අඩු කිරීමටත්, අග්න්‍යාසය තුළ ඉන්සියුලින් ප්‍රතිරෝධකතාව අඩු කිරීමටත් උපකාරී වේ. එසේම නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අන්ත්‍රවලට ග්ලූකෝස් අවශෝෂණය කරගැනීම පාලනය කරන අතර මේද පටක හා මාංශ පටකවල ඉන්සියුලින් ප්‍රතිරෝධතාව අඩු කරමින් හා ග්ලූකෝස් පරිභෝජනය වැඩි කිරීමට ද සමත් වේ. මාංශ පේශීවල ග්ලූකෝස් පරිභෝජනය ඉහළ දැමීමට ද ජින්සෙන්වලට විශේෂ හැකියාවක් ඇත. 

මෙවන් මහඟු ගුණ ඇති නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් ශ්‍රී ලංකාවේ අපට ද භාවිත කිරීමේ අවස්ථාව උදා වී තිබීම ද භාග්‍යයකි. ඒ මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අඩංගු ජින්සොමින් නිසාවෙනි. ලොව වටා මිලියන ගණනකගේ විශ්වාසය දිනූ නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අඩංගු ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙහි ඇති ප්‍රථම හා ප්‍රමුඛ නිෂ්පාදනය ජින්සොමින් පමණක් වන අතර ජින්සොමින් දියවැඩියා රෝගීන් මුහුණදෙන හන්දිපත් රුදාව, විඩාබර ගතිය, අලස බව, නිදිමත ගතිය, කල්පනාව හීනවීම ආදී රෝග ලක්ෂණ මැඩ පැවැත්වීම සඳහා ප්‍රත්‍යක්ෂ බව බොහෝ රසායනික පරීක්ෂණවලින් ඔප්පු වී ඇත.



අදහස් (0)

ජින්සොමින් දියවැඩියාව පිටුදකින මඟ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 849 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1789 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site