භානුක අමරසිංහ
DFCC බැංකුව රුපියල් බිලියන 3ක මුදලක් රැස් කරගැනීමේ අපේක්ෂාවෙන් ඊයේ (13) දිනයේ කොළඹ කොටස් හුවමාරුවේදී විවෘත කළ නීල බැඳුම්කරය වෙත අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඒ අනුව එම බැඳුම්කරය මිලදී ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ අවස්ථාව ඊයේ පස්වරු 4.30න් අවසන් විය.
ලැයිස්තුගත, වර්ගකෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි නීල බැඳුම්කර කොටස් 30,000,000ක් මෙහිදී නිකුත් කෙරිණි. එක් බැඳුම්කරයක් රුපියල් 100ක් බැගින් නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 3 කි.
මෙම නීල බැඳුම්කර වසර තුනකින්, හතරකින් සහ පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරී තිබේ. මෙය කොළඹ කොටස් හුවමාරුවේ සිදුකළ පළමු නීල බැඳුම්කර නිකුතුව ලෙසටත් ඉතිහාසයට එක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd