IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඔක්තෝබරයේ මෝටර් රථ ලියාපදිංචිය සියයට 2 කින් පහළට

  • ඔක්තෝබර් මාසයේදී අලු‍තින් මෝටර් රථ 47,685ක් ලියාපදිංචි කරලා
  • මේ දක්වා සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 72 ක්ම යතුරැ පැදි
  • මෝටර් කාර් සියයට 9 කින් සහ ත්‍රිරෝද රථ සියයට 16 කින් ලියාපදිංචිය පහළට

භානුක අමරසිංහ

පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.

මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් CAL Research ආයතනය සකස් කළ වාර්තාවක මේ පිළිබඳව සටහන්ව තිබේ. ඔක්තෝබර් මාසයට අදාළව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. කෙසේ වෙතත් මෙම අගයන් 2018 වසරේ පැවැති මට්ටමට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එම ආයතනය සඳහන් කරයි.

මෙහිදී ඔක්තෝබර් මාසයේ වැඩිම ලියාපදිංචියක් සිදු කෙරුණු කාණ්ඩය යතුරු පැදි ලෙස සටහන්ව තිබේ. එය සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 69 කි. එසේම වසරේ මේ දක්වා සිදු කෙරුණු සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 72ක් යතුරු පැදි වෙයි. ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව 32,768ක් වන අතර එය සැප්තැම්බරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි 32,626 ට සාපේක්ෂව සියයට 0.4ක අඩුවීමකි.

ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරී ඇති මෝටර් කාර් රථ සංඛ්‍යාව 9,205 ක් වන අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් කාර් සංඛ්‍යාව වූ 10,146 ට සාපේක්ෂව සියයට 9ක අඩුවීමකි. 

එසේම ඔක්තෝබරයේදී ත්‍රිරෝද රථ 2,541ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 3,015 ට සාපේක්ෂව සියයට 16ක අඩුවීමකි. 

මේ අතර ඔක්තෝබර් මාසයේදී ලොරි සහ බස් රථ ලියාපදිංචිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයි CAL Research ආයතනය පවසයි. ඒ අනුව ඔක්තෝබරයේදී ලොරි රථ 1,068ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ලොරි රථ 994 ට සාපේක්ෂව සියයට 7 ක වර්ධනයකි. එසේම ඔක්තෝබරයේදී බස් රථ 131 ක් ලියාපදිංචි කර ඇති අතර, එය සැප්තැම්බරයට සාපේක්ෂව සියයට 3ක වර්ධනයකි. 



අදහස් (0)

ඔක්තෝබරයේ මෝටර් රථ ලියාපදිංචිය සියයට 2 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 849 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site