ජූනි මුල් දින 10දී සංචාරකයෝ 43,962ක්
මේ වසරේ ජූනි මාසයේ පළමු දින 10 තුළදී සංචාරකයන් 43,962 කු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධීකාරිය නිකුත් කළ අලුත්ම සංඛ්‍යා දත්ත සඳහන් කරයි. මෙහිදී ජූනි 01 සිට 07 දක්වා 31,547ක්ද, ජූනි 08 සිට 10 දක්වා 12,415ක් ලෙසද එය සටහන්ව ඇත.