භානුක අමරසිංහ
LOLC ෆිනෑන්ස් පීඑල්සි සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරිමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුව සඳහා මහ බැංකුවේ අනුමැතිය හිමි වූ බව පවසයි. ඒ අනුව මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කිරීමෙන් අනතුරුව එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටත් බලාපොරොත්තු වන බව සමාගම පවසයි.
මෙහිදී LOLC ෆිනෑන්ස් පීඑල්සි සමාගම ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් 150,000,000ක් නිකුත් කරන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුව හරහා රැස් කරන වටිනාකම රුපියල් බිලියන 15කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd