ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2025 කීර්තිමත් ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (National Sales Awards) විකුණුම් කාර්යය සාධනය සහ සේවා සැපයීමේ නායකත්වය පිළිබඳ විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් NDB බැංකුව, බැංකු අංශයේ ඉහළම ගෞරවය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ක්‍රියාශීලි විකුණුම් වෘත්තිකයන්ගේ කැපී පෙනෙන ජයග‍්‍රහණ සමරනු ලැබූ අතර, NDB බැංකුවේ සාර්ථකත්වය බැංකුවේ කාර්යය සාධන විශිෂ්ටත්වය කරා ගමන් කරන අඛණ්ඩ ගමන් මෙඟ් තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
සිය දක්ෂ විකුණුම් බලකායේ ශක්තිය හා කැපවීම විදහා දක්වමින්, NDB බැංකුව, රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන රැසක් දිනා ගනිමින් බැංකු අංශය පුරා ජයග‍්‍රහණය රැසක් හිමිකර ගත්තේය. සඳුනි මහේෂිකා, අලෙවි විධායක - බැංකු කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, රාජන්ත චන්දුල එම කාණ්ඩයේම රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. සුවිශේෂී සේවාවක් සහ පාරිභෝගිකයන් සමග සම්බන්ධ වීමේ ක්‍රියාශීලී හැකියාව පෙන්නුම් කරමින්, සෂිනි හංසිකා ඉදිරි පෙළ - බැංකු කාණ්ඩයේ රිදී සම්මානය ලබා ගත්තාය.
නායකත්වය සහ ප‍්‍රාදේශීය කළමනාකරණය අගයමින් නිරෝෂන් ගමගේ සහ ග්‍රේෂන් පෙරේරා පිළිවෙළින් ප‍්‍රාදේශීය කළමනාකරු - බැංකුකරණය සහ විකුණුම් අධීක්ෂක - බැංකුකරණ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මාන දිනා ගත්හ. බැංකුවේ ආකර්ෂණීය ජයග‍්‍රාහකයන් පෙළ සම්පූර්ණ කරමින්, ලක්නි රාජපක්ෂ ඉදිරි පෙළ - බැංකුකරණයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, කවීෂා වීරසිංහ බැංකුකරණ කාණ්ඩයේ විකුණුම් අධීක්ෂක සඳහා කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම ජයග‍්‍රහණ මගින් සේවා විශිෂ්ටත්වය, වෘත්තීයභාවය සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන්හි කාර්යය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා භෘඊ බැංකුවේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි. සියලූම සම්මාන කාණ්ඩවලින් බැංකුවේ ශක්තිමත් පැවැත්ම, සෑම පාරිභෝගික සම්බන්ධතාවකදීම NDB බැංකුවේ වටිනාකම අඛණ්ඩව ආරක්ෂා කරන එහි සේවක කණ්ඩායම් වල සාමූහික කැපවීම, විනය සහ උද්යෝගය පිළිබිඹු කරයි.
මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති, පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් - සංජය පෙරේරා මහතා පවසා සිටියේ ”මෙවර ජාතික විකුණුම් සම්මාන උළෙලේදී අපගේ සේවක කණ්ඩායමේ සුවිශේෂී කැපවීම පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙමු.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
NDB බැංකුව 2025 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ පෙරමුණ ගනී