IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


LOLC ෆිනෑන්ස් බදු ගෙවීමෙන් පසු ලාබය රුපියල් බිලියන 14 ක්

බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාබය සියයට 72ක වර්ධනයක් ලබමින් රුපියල් බිලියන 14 දක්වා ඉහළ යයි 

දළ ණය කළඹ සියයට 18 කින් වර්ධනය වී රුපියල් බිලියන 360.2 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් ලාභදායී බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) වන LOLC ෆිනෑන්ස් පීඑල්සී, 2025 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 06 ක කාලය සඳහා ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ. එහිදී තරගකාරී මෙහෙයුම් වාතාවරණයක් තුළ සමාගමේ ප්‍රධාන ව්‍යාපාර මාර්ග ඔස්සේ ස්ථාවර වර්ධනයක් ලබමින් ලාබදායීතාවය වැඩිදියුණු වීම පිළිබිඹු කෙරේ. 

LOLCෆිනෑන්ස්, ඇගයීමට ලක් වූ කාලසීමාව නිමාකළේ රුපියල් බිලියන 14 ක ශක්තිමත් බදු ගෙවීමෙන් පසු ලාබයක් වාර්තා කරමිනි. එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් බිලියන 8.1 ක ලාබය හා සසඳන විට සියයට 72 ක අර්ධ වාර්ෂික වර්ධනයක් සලකුණු කරයි. මෙලෙස ඉපැයීම්වල කාර්ය සාධනයක් ලැබීමට, ඉහළ ශුද්ධ පොලී ආදායම, ඵලදායී පිරිවැය කළමනාකරණය සහ හානිපූරණ ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීම හේතු වී තිබේ. 

සමාගමේ දළ ණය කලඹ රුපියල් බිලියන 360.2ක් ලෙස පුළුල් වී ඇත්තේ සියයට 18 ක වර්ධනයක් සලකුණු කරමිනි. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 238.6 දක්වා සියයට 6කින් වර්ධනය වී ඇත. මෙමගින් LOLC ෆිනෑන්ස්හි සන්නාම ශක්තිය සහ මූල්‍ය සේවා සැලසීමේ කාර්යක්ෂම බව පිළිබිඹු කරයි. මුළු වත්කම් රුපියල් බිලියන 466.3 දක්වා සියයට 8කින් ඉහළ ගොස් ඇත්තේ ශේෂ පත්‍රයේ ශක්තිමත් වර්ධනය සහ වෙළෙඳපොළ විශ්වාසය අවධාරණය කරමිනි.

LOLC ෆිනෑන්ස් හි මෙම සුවිශේෂී අර්ධ වාර්ෂික කාර්ය සාධනය එහි ශක්තිමත් ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ ඔරොත්තුදීමේ හැකියාවක් සහිත විවිධාංගීක ව්‍යාපාර ආකෘතිය මගින් තහවුරු වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, පෞද්ගලික මූල්‍ය, කෘෂිකර්මාන්තය, විකල්ප මූල්‍ය විසඳුම්, කාරක ප්‍රාග්ධන සහ රථවාහන මූල්‍ය සේවා ඇතුළු ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශ ඔස්සේ පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා මූල්‍ය අන්තර්ගතකරණය ඉදිරියට ගෙන යාමට සමාගම තවදුරටත් කටයුතු කරයි. බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ සමස්ත ලාබයෙන් සියයට 36.3 ක්, සමස්ත ණය නිකුතුවෙන් සියයට 25 ක් සහ එහි වත්කම්වලින් සියයට 20.6 ක් නියෝජනය කරන LOLC ෆිනෑන්ස් ඉහළ මූල්‍ය සේවා හඳුන්වාදීමක් සහිත වර්ධනයක් උදෙසා මෙහෙයවනු ලබන ජවසම්පන්න මූල්‍ය ආයතනයකි. 

මෙම සාර්ථකත්වයට මූලික වී ඇත්තේ ස්වයංක්‍රීයකරණය, කෘත්‍රීම බුද්ධිය (AI)  දත්ත විශ්ලේෂණ සහ සුරක්ෂිත ඩිජිටල් වේදිකා මඟින් බල ගැන්වෙන මුදල් භාවිතයෙන් තොර මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීමට සමාගමේ ඇති කැපවීමයි. ණය අනුමත කිරීම්වල සිට නිකුත් කිරීම, එක්රැස් කිරීම් සහ තැන්පතු දක්වා පහසුව සහ ප්‍රවේශය පුළුල් කිරීමෙන් සමාගම පාරිභෝගික සහභාගීත්වයට නව අරුතක් එක්කර ඇත. LankaPay ටෙක්නොවේෂන් සම්මාන ප්‍රදානයේදී අඛණ්ඩව ලැබූ ජයග්‍රහණවලින්, LOLC ෆිනෑන්ස් ඩිජිටල් නවෝත්පාදනයේ පුරෝගාමීත්වය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා වූ දැක්ම තහවුරු කරයි. 

සමාගමේ විශිෂ්ටත්වය ක්ෂේත්‍රයේ ඇගයීම් අවස්ථා රැසකදී පිළිගැනීමට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත්ම ඇලු‍ම්කරන මූල්‍ය හා ලීසිං සන්නාමය ලෙස මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ රැඳී සිටින LOLC ෆිනෑන්ස් “බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්” 2025 වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත 14 වැනි ස්ථානයට  LMD ව්‍යාපාරික සඟරාව මගින් නම්කර ඇත. සමාගමේ විකල්ප මූල්‍ය සේවා අංශය වන LOLC අල්-ෆලාහ්, 2025 දකුණු ආසියානු ඉස්ලාමීය මූල්‍ය සංසදයේ (IFFSA) සම්මාන ප්‍රදානයේදී ”‍දශකයේ ඉස්ලාමීය බැංකු නොවන මූල්‍ය ආයතනය”‍ යන ගෞරව නාමය ඇතුළු සම්මාන රැසක් ජයග්‍රහණය කළේය. 

සමාගමේ වෙළෙඳපොළ ශක්තිය තවදුරටත් තහවුරු කරමින්, ලංකා රේටිං ආයතනය මගින් LOLC ෆිනෑන්ස් හි ආයතනික ශ්‍රේණිගත කිරීම  A+ (ස්ථාවර) දක්වා උසස් කර ඇත්තේ, එහි ශක්තිමත් මූල්‍ය තත්වය සහ ශක්තිමත් පාලන රාමුව පිළිබිඹු කරමිනි. 

ශක්තිමත් වත්කම් සංචිතයක්, ප්‍රබල අවදානම් කළමනාකරණයක් සහ ක්‍රියාශීලී ඩිජිටල් ක්‍රමෝපායක් සමගින්, LOLC  ෆිනෑන්ස් තිරසර වර්ධනයක් සහ කොටස් හිමියන්ට දිගුකාලීන වටිනාකමක් ලබාදීම සඳහා හොඳින් ස්ථානගත වී සිටී.



අදහස් (0)

LOLC ෆිනෑන්ස් බදු ගෙවීමෙන් පසු ලාබය රුපියල් බිලියන 14 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site