IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


First Capital සමාගමෙන් MAGNATE 2025ට තේමා අනුග්‍රාහකත්වය

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital Holdings PLC, මූල්‍ය නවෝත්පාදනය සහ තරුණ නායකත්වය දිරිගැන්වීමේ උත්සාහය යළි තහවුරු කරමින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මූල්‍ය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහන වන MAGNATE හි 2025 අදියරේ තේමා අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 
First Capital Holdings PLC සමාගම විසින් මෙම වැඩසටහනට අඛණ්ඩව අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලද 4 වැනි අවස්ථාව මෙය වන අතර, මෙය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට First Capital  සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ. 
ප්‍රවීණ හා නවක වෘත්තිකයන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් සහභාගී වූ දේශන, සංවාදමය වැඩසටහන් සහ තරග රාශියක් MAGNATE 2025  වැඩසටහනට ඇතුළත් වී තිබිණි. පෙරළිකාරී නව තාක්ෂණය සහ ඩිජිටල් පරිවර්තන බහුල යුගයක මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු වන වෙනස්කම් ගවේෂණය කිරීම එහි මූලික අරමුණ විය. මෙය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් න්‍යාය සහ ප්‍රායෝගික භාවිතාවන් එක්තැන් කරමින් නව අදහස් සහ නව්‍ය මූල්‍ය විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ලැබුණු අනගි අවස්ථාවක් විය. 
‘පෙරළිකාරී මූල්‍ය සේවා හරහා මූල්‍ය සේවා ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කිරීම’ යන තේමාව යටතේ අදහස් දැක්වූ First Capital Holdings PLC සමාගමේ උප සභාපති (ආයතනික මූල්‍ය) සහ උපදේශක අත්චුතන් ශ්‍රීරංගන් මහතා, නවෝත්පාදනය හා සහයෝගීත්වය මගින් මූල්‍ය සේවා ක්ෂේත්‍රය හැඩගස්වනු ලබන ආකාරය පැහැදිලි කළේය. First Capital Holdings PLC සමාගමේ ප්‍රධාන තාක්ෂණ හා ඩිජිටල් නිලධාරී මිථිල අබේසේකර මහතා මෙම වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු  කළ අතර, ඔහු තාක්ෂණය මූලික කරගත් මූල්‍ය නවෝත්පාදන සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කළ ඉදිරිපත් කිරීම් ඇගයීමට ලක්කළේය. “තාක්ෂණය සහ මූල්‍ය සේවා යනු තදබල ලෙස එකට බැඳී පවතින අංශ දෙකක්. මෙම සහසම්බන්ධතාව ගවේෂණය කිරීමට තරුණ මනස් යොමුකරවීමෙන් අපට මූල්‍ය සේවා ක්ෂේත්‍රය අර්ථවත් දියුණුවක් කරා මෙහෙයවීමේ හැකියාව ඇති සහ අනාගත අභියෝගවලට මුහුණ දීමට සූදානම් පරම්පරාවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.” මිථිල අබේසේකර මහතා පැවසීය.



අදහස් (0)

First Capital සමාගමෙන් MAGNATE 2025ට තේමා අනුග්‍රාහකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site