
(යොහාන් භාසුර)
නව ටිංමාළු කර්මාන්ත ශාලාවක් තංගල්ල, පලතුඩුව ප්‍රදේශයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.
මෙරට මාළු අස්වැන්නෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් දිනකට ටිං මැළු ටිං 50,000 ක් නිෂ්පාදනය කළ හැකි මෙම කර්මාන්ත ශාලාවෙන් ‘ීැ් ඡරසබජැ’ නාමයෙන් ටිංමාළු දේශීය වෙළෙඳපොළට සපයයි. පුද්ගලයන් 150 ක් පමණ සේවය කරන එම කර්මාන්ත ශාලාව දිනකට මෙරට ධිවරයන්ගෙන් මාළු කිලෝග්‍රෑම් 30,000 ක් පමණ මිලදී ගනී.
දේශීය ව්‍යවසායකයෙක් වන දුෂ්මන්ත ඉන්දික ලියනගේ මහතා මෙම දුෂ්මන්ත ලියනගේ පුද්ගලික සමාගමේ හිමිකරු වේ.
ඉන්දික මහතා පැවසුවේ නිෂ්පාදනය ආරම්භයේදී එහි ටිංමාළු නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට පමණක් සපයන බවත් මාස කීපයක් ගතවීමෙන් පසුව දකුණු කොරියාව ඇතුළු රටවල් කීපයක ටිංමාළු අපනයනය කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ, හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, හිටපු අමාත්‍ය දයා ගමගේ සහ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 21
162
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
233
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ටිංමාළු කර්මාන්ත ශාලාවක් තංගල්ලේ අරඹයි