භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සීගිරිය විලේජ් හොටේල්ස් පීඑල්සී සමාගම සිය කොටස් අතුරුබෙදීමක් සිදු කිරිමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් කොටස් 10ක් ලෙස මෙම අතුරුබෙදීම සිදු කරන බව සමාගම පවසයි.
සමාගම මේ වනවිට කොටස් 9,000,000ක් නිකුත් කර ඇති අතර, මෙම පියවරත් සමගින් එය කොටස් 90,000,000ක් බවට පත්වෙයි. කෙසේ වෙත් මේ හේතුවෙන් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බවත් සමාගම පවසයි.
සීගිරිය විලේජ් හොටේල්ස්හි කොටස් අතරින් සියයට 51ක ප්‍රතිශතයක් කලම්බු ෆෝර්ඩ් හොටේල්ස් ලිමිටඩ් වෙත හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd