කටුපොල් වගා තහනමේ ආර්ථික පසුබෑම
2019 වසරේදී ශ්‍රී ලංකා පරිසර අධිකාරිය විසින් ද, පසුව 2021 වසරේදී එවකට පැවැති රජයේ නියෝගයකින් ද ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම අදටත් බලපැවැත්වේ. කටුපොල් වගාව සම්බන්ධව මෙවැනි දැඩි තීරණයක් ගෙන ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයකි. කටුපොල් වගාව ජෛව විවිධත්වයට, පසට, වර්ෂාපතනයට, ජල සුරක්ෂිතතාවට, ශරීර සෞඛ්‍යයට සහ පොදුවේ ජන ජීවිතයට අහිතකර බලපෑමක් ඇති වේ යැයි ඒත්තු ගන්වා බලධාරින් මෙම තහනමට පොළඹවා ගෙන ඇති බව නොරහසකි.