භානුක අමරසිංහ
ලැයිස්තුගත සමාගම් පහක කොටස් ගනුදෙනු දෙසැම්බර් 10 වැනිදා සිට අත්හිටුවීමට පියවර ගන්නා බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර සිටියි.
2025 මාර්තු 31 වැනිදායින් අවසන්වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකරමින්, අදාළ සමාගම් එහි ලැයිස්තුගතවීමේ රෙගුලාසි යටතේ අංක 7.5 (e) යන රෙගුලාසිය වෙත අනුකූලතාව දැක්වීමට අපොහොසත්වීම මේ සඳහා හේතුවයි.
ඒ අනුව හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී (HELA), සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී (SCAP), ඔඩෙල් පීඑල්සී (ODEL), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී (SHL) සහ ස්ටෑන්ඩර්ඩ් කැපිටල් පීඑල්සී (SING) යන සමාගම්වලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙහිදී අදාළ සමාගම් ලබන දෙසැම්බර් 08 වැනිදාට හෝ ඊට පෙර එම වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් 10 වැනිදා සිට මෙම පියවර ගන්නා බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර සිටියි.
මේ අතරින් සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී පසුගිය දෙසැම්බර් 02 වැනිදා සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු යෙදුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd