IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංස්කෘතික ප්‍රදානවලින් එක්සත් රාජධානිය සහ ලංකාව අතර නව කලාත්මක සහයෝගීතාවක්

එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර කලාත්මක හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය අරමුණු කරමින් ක්‍රියාත්මක කරනු ලබන, Connections Through Culture (CTC) මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනේ 2025 වසර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ප්‍රකාශයට පත් කළ බව බ්‍රිතාන්‍ය කවුන්සිලය නිවේදනය කරයි. 

මෙම වසරේ, ගෝලීය වශයෙන් ව්‍යාපෘති 127ක් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කර ඇති අතර, ඉන් 06ක් ලංකාවට හිමි වී ඇත. මෙම සෑම ප්‍රදානයක් මගින්ම එක්සත් රාජධානියේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල කලාකරුවන් සහ සංවිධානවලට අදහස් හුවමාරු කර ගැනීමට, සාමූහිකව නිර්මාණ කිරීමට සහ වර්තමානයේ වඩාත්ම උග්‍ර ගෝලීය අභියෝග කිහිපයකට කැපී පෙනෙන නව විසඳුම් සෙවීමට දායකත්වය සපයයි. 

සාම්ප්‍රදායික කලා ශිල්ප නවීකරණය කිරීමේ සිට, ඩිජිටල් තාක්‍ෂණය, රූප මගින් කතාන්දර කීම සහ විවිධ ඉදිරිපත් කිරීම් ඔස්සේ දේශගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම දක්වා විවිධ වූ තේමා රැසක් මෙවර ප්‍රතිලාභීන් විසින් තෝරාගෙන තිබූ අතර, මේ සෑම ව්‍යාපෘතියක්ම නවෝත්පාදනය, සංවාදය සහ වෙනසක් ඇති කිරීම සඳහා කලාවේ ඇති අසමසම බලය පිළිබිඹු කරන නිර්මාණ විය.

”‍2025 වසරේ ඉදිරිපත් වූ ව්‍යාපෘති සෑම එකක්ම කිසියම් සාමාජීය ගැටලු‍වක් පිළිබඳ කලාත්මක මතයක් ඉදිරිපත් කිරීම, පර්යේෂණාත්මක කලා කෘති හෝ සාමූහිකව අලු‍ත් දෙයක් නිර්මාණය කිරීම වැනි එකකට එකක් වෙනස් අනන්‍යතාවලින් යුතු නිර්මාණ වේ. මෙම සහයෝගීතාවෙන් අපට සිහිපත් කර දෙන්නේ අන්‍යෝන්‍ය හුවමාරුව මත කලාව සංවර්ධනය කළ හැකි බවත්, විවිධ සංස්කෘති නියෝජනය කරන මිනිසුන් එකට සම්බන්ධ වන විට, ඔවුන් තමන්ගේ දේශසීමාවලින් ඔබ්බට සිතමින් විශිෂ්ට කලා කෘති නිර්මාණය කරන බවයි,” යනුවෙන් ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දේශීය අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් පැවසීය.

වැඩසටහනේ වර්ධනයට සමගාමීව, මේ වන විට එහි ව්‍යාප්තිය ද වැඩි වී ඇත. ආසියා පැසිෆික් කලාපය තුළ ප්‍රථම වරට දියත් කරන ලද Connections Through Culture වැඩසටහනේදී යුරෝපයෙන් සහ දකුණු ආසියාවෙන් ප්‍රතිලාභීන් තෝරාගෙන තිබූ අතර, නේපාලය මෙම වසරේ වැඩසටහනට සම්බන්ධ වන්නේ ප්‍රථම වරටයි. මෙම පුළුල් ව්‍යාප්තිය නිසා අන් කවරදාටත් වඩා කලාකරුවන්ට එක්සත් රාජධානිය සමඟ සම්බන්ධ වීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ සංස්කෘතික විවිධත්වය සැමරීමට මෙන්ම පොදු අනාගත අපේක්ෂා පිළිබඳ විමසා බලන සාමූහිකව නිර්මාණ කිරීමටත් අවස්ථාව උදා වී ඇත.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කලා අංශයේ අධ්‍යක්ෂ රූත් මැකෙන්සි CBE අදහස් දක්වමින්මෙසේ පැවසීය. “Connections Through Culture වැඩසටහන මෙතරම් සුවිශේෂී වන්නේ එහි ඇති විචිත්‍රවත් විවිධත්වය නිසයි. මේ වේදිකාව නිර්මාණය වී තිබෙන්නේ විවිධ සම්ප්‍රදායන්, අදහස් සහ කලාත්මක භාවිතයන් යොදාගෙන අලු‍ත් අලු‍ත් දේ නිර්මාණය කිරීම වෙනුවෙන්. වැඩසටහනේ ව්‍යාප්තියත් සමග, තව තවත් කලා ප්‍රකාශන සහ ප්‍රජාව මීට සම්බන්ධ වී තිබෙනවා. දේශසීමාවලින් ඔබ්බට විහිදෙමින් සාමය, විශ්වාසය සහ සමෘද්ධිය ඇති කිරීම උදෙසා කලාවේ කාර්යභාරය ශක්තිමත් කරන්නට මේ ව්‍යායාමයෙන් ලැබෙන්නේ සුවිසල් දායකත්වයක්.”‍



අදහස් (0)

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංස්කෘතික ප්‍රදානවලින් එක්සත් රාජධානිය සහ ලංකාව අතර නව කලාත්මක සහයෝගීතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site