IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


HSBC පාරිභෝගික බැංකු මෙහෙයුම් අත්පත් කරගැනීමට NTBට මහ බැංකු අනුමැතිය

භානුක අමරසිංහ


මෙරට තුළ හොංකොං ෂැන්ග්හයි බෑන්කින්ග් කෝපරේෂන් (HSBC Sri Lanka) හි පාරිභෝගික බැංකු මෙහෙයුම් කටයුතු අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළ බව පවසයි. 
දෙසැම්බර් 02 වැනිදා මහ බැංකුව මෙම අනුමැතිය ලබාදී තිබේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී HSBC හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එකඟතාවකට පිවිසුණි. 
ඒ අනුව 2026 වසරේ පළමු අර්ධය තුළදී මෙම අත්පත් කරගැනීම සම්පූර්ණ කර ගැනීමට අපේක්ෂා කරන බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පවසයි. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, හේමන්ත ගුණතිලක මහතා, “මහ බැකුවේ අනුමැතියත් සමගින්ම මෙම අත්පත්කර ගැනීම ඉදිරියට පවත්වාගෙන යාමට අවස්ථාව හිමිව තිබෙනවා. එය මේ වනවිට හොඳින් සිදු වෙනවා. අපිට දැන් ඉතාමත් විශ්වාසනීයව මෙම ව්‍යාපෘතියේ මීළග අදියර වෙත යන්න පුළුවන්.“ යනුවෙන් පවසා සිටියි. 

මෙලෙස HSBC ශ්‍රී ලංකා හි පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කරගැනීමත් සමගින්ම ඒ සමගින් සිටි ගනුදෙනුකරුවන් ආසන්න වශයෙන් ලක්ෂ දෙකක පිරිසක් NTB යටතට පත්වන බවත්, ඒ අතර ඉහළ මට්ටමේ බැංකු ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ පාරි‍භෝගික ණයද ඇතුළත් වන බවත් පැවසෙයි. 
HSBC ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් අදහස් දක්වමින්, “මෙම කාලසීමාවේදී අපගේ ප්‍රමුඛතාව වුණේ පාරිභෝගිකයන් වෙත උපරිම සේවාව ලබා දීම සහ NTB වෙත සිදු කරන මෙම හුවමාරුවේදී අපගේ කණ්ඩායම ඉතාමත් හොඳ සහයෝගයක් ලබාදීම සුරක්ෂිත කිරීමයි. මෙම ගනුදෙනුව අවසන් වන තෙක් අපි NTB සමගින් සමීපව කටයුතු කරනවා.“ යනුවෙන් පවසා සිටියි.

 

 



අදහස් (0)

HSBC පාරිභෝගික බැංකු මෙහෙයුම් අත්පත් කරගැනීමට NTBට මහ බැංකු අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site