IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


2024 සංචාරක ආදායම ඩො . බි. 3. 168 ක්

 

  • මේ වසරේ ඩො.බි. 5ක ඉලක්කයක්
  • ආදායමේ වර්ධනය සියයට 53.2ක්
  • පෙර වසරට සාපේක්ෂව සංචාරක පැමිණීමේ සියයට 38.1 වර්ධනයක්
  • දෙසැම්බරයේ උපයාගත් ආදායම ඩො.මි. 362ක්
  • සංචාරකයකුගේ දිනක සාමාන්‍ය වියදම ඩො. 181ක්
  • අපේක්ෂිත ආදායම වු​ණේ ඩො.බි. 4ක්

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.168 ක් සංචාරක කර්මාන්තයෙන් උපාය ගැනීමත් සමග මෙම වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා ගැනීමට ඉලක්ක කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
 පසුගිය වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් මිලියන දෙක මෙම වසරේදී මිලියන 3 ක් දක්වා වර්ධනය කර ගැනීම සංචාරක අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.
සංචාරක කර්මාන්තයෙන් 2023 වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.068 උපයා ගැනීමට සමත් වූ අතර ඒ අනුව පසුගිය වසරේ දී මෙරට සංචාරක ඉපැයීම් සියයට 53.2 කින් වර්ධනය වී ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ දී මෙරටට සංචාරකයන් 2,053,465 ක් පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 38.1 ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,487,303 කි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 362 ක් උපාය ගත් දෙසැම්බර් මාසය පසුගිය වසරේ වැඩිම සංචාරක ආදායමක් උපයා ගත් මාසය ලෙසද මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එය 2022 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 34.46 ක වර්ධනයක් වන අතර එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 33 ක වර්ධනයකි.
පසුගිය වසරේ සංචාරක ඉපැයීම ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට ලැබූ ඉහළම සංචාරක ඉපැයීම වන අතර එය 2019 වසරින් පසුව ලැබූ ඉහළම සංචාරක ඉපැයීම ද වේ.
කෙසේ නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය සහ සැපයුම් අභියෝග පසුගිය වසරේ දී සංචාරක කර්මාන්තයට යම් අකාරයක බලපෑමක් එල්ල කළ අතර සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් තර්ක කරන්නේ ඉන් රටට ඩොලර් මිලියන ගණනක ආදායමක් අහිමි වූ බවයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්තවලට අනුව, සංචාරකයෙක් පසුගිය වසරේ දී දිනක දී සිදුකළ සාමාන්‍ය වියදම ඇමෙරිකානු ඩොලර් 181.15 ක් වන අතර එය 2023 වසරට සංචාරකයෙක් සාමාන්‍යයෙන් දිනකට වියදම් කළ ඩොලර් 164.4 ට වඩා ඉහළ අගයකි.
සංචාරකයෙක් සාමාන්‍යයෙන් දින රාත්‍රී 8.42 ක් පසුගිය වසරේ දී මෙරට ගතකර ඇති අතර එය පසුගිය වසරේ දී සංචාරකයෙක් සාමාන්‍යයෙන් ගත කළ රාත්‍රී 8.44 ට වඩා සුළු පහළ යාමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය වසරේ දී සංචාරකයන් මිලියන 2.3 ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබූ අතර ඉන් උපයා ගැනීමට බලාපොරොත්තු වූ අදායම ඩොලර් බිලියන 4 කි. වීසා බලපත්‍ර ආශ්‍රිත ගැටලු‍ හේතුවෙන් එම ඉලක්කය වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සිදුවිය. 

 



අදහස් (0)

2024 සංචාරක ආදායම ඩො . බි. 3. 168 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site