
නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රු. බි. 1.5 ක්
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 1.5 ක් වටිනා හිමිකම් නිකුතුව සඳහා මහ බැංකු අනුමැතිය හිමිව ඇතැයි පවසයි.
මෙහිදී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 45,162,012 ක් නිකුත් කිරීමට යෝජනා කර ඇති අතර, කොටසක් රුපියල් 33.30 ක් බැගින් නිකුතුව හරහා රැස් කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 1.5 ක් (රුපියල් 1,503,894,999.60 ක්) ලෙස සටහන්ව තිබේ.
සමාගම දැනට නිකුත් කර ඇති සමස්ත කොටස් සංඛ්‍යාව 124,195,533 ක් වන අතර, මෙම නිකුතුව මගින් එම නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 11කටම අලුතින් තවත් කොටස් 4ක් බැගින් නිකුත් කිරීමක් සිදුවෙයි.
මහ බැංකුවේ නියාමන අවශ්‍යතා වෙත අනුකූලතාව දැක්වීම සඳහා අවශ්‍ය අදියර 1 ප්‍රාග්ධන තත්වය ශක්තිමත් කර ගැනීම මෙම නිකුතුවේ අරමුණ බව ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී පවසයි. එසේම සමාගමේ ඉදිරි ව්‍යාපාර ධාරිතා පුළුල් කිරීම සඳහා ද මෙම මුදල් යොදා ගැනීම සැලසුම වී තිබේ. මෙම නිකුතුව සම්බන්ධයෙන් CSE හි අනුමැතිය අවශ්‍යව පවතින බවත් සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd