IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වියළි කාලගුණය හේතුවෙන් තේ පඳුරු විශාල ප්‍රමාණයක් විනාශ වෙලා

(විනීතා එම් ගමගේ )

කුඩා තේ ඉඩම්වල තේ පඳුරු එක්කෝටි දහතුන් ලක්ෂයක්  ඉකුත් ජනවාරි සිට මාර්තු දක්වා පැවැති පෑවිල්ල හේතුවෙන් විනාශ වී ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.

දිවයින පුරා  කුඩා තේවතු  පන්ලක්ෂයක්  පමණ ඇති බවත් එයින් අති බහුතැව වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ බවත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ මහතා ලංකාදීපයට පැවැසීය.
 
සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක.26 ක උෂ්ණත්වයක් සහිත කාලගුණයක් තේ වගාවට සුදුසු වන නමුත් පසුගිය සමයේ පැවැතියේ සෙල්සියස් අංශක 30-36 අතර උෂ්ණත්වයක් යැවි ද හෙතෙම සඳහන් කළේය.
 
මේ විනාශවූ තේ පඳුරු  වෙනුවට අලුත් පැල සිටුවීම සහනාධාර ලබාඳෙන ලෙස වැවිලි කර්මාන්ත හා සුලු අපනයන බෝග අමාත්‍ය රමේෂ් පතිරණ මහතා දුන් උපදෙස් මත සහනාධාර ලබාදීමට පියවර ගන්්නනා බවත් මේමස 30 දා දක්වා එ්‍ සඳහා අයදුම් පත් කැඳවන බවත් විදානපතිරණ මහතා පැවැසීය 
 
විනාශවූ තේ පඳුරු අතරින අවුරුදු හතරට අඩු පැල සඳහා රුපියල් 30 බැගින් ද සාමාන්‍ය පඳුරු සඳහා රුපියල් සියය බැගින්ද සහනාධාර ලබා දෙන බව සභාපතිවරයා කීය. 
 
එමෙන්ම සාමාක්‍ය පරිදි මේ වසර සඳහා තේ නැවත වගිවට අයදුම්පත් කැඳවීම ද සිදුවන බව හෙතෙම වඩිදුරටත් කියා සිටියේය.
 



අදහස් (0)

වියළි කාලගුණය හේතුවෙන් තේ පඳුරු විශාල ප්‍රමාණයක් විනාශ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site