වසර විස්සකට ආසන්න කාලයක් පුරා Orion City හි ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් කාර්යාල පරිශ්‍ර ගොඩනැගීම පමණක් නොවේ. ඒ වෙනුවට, විවිධ ආයතන සහ ව්‍යාපාරවලට නවෝත්පාදන කිරීමට, සහයෝගීතාවෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට හැකි සක්‍රීය ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට Orion City නිරන්තරයෙන් කටයුතු කළේය.
එහි තවත් ඉදිරි පියවරක් තබමින්, Orion City හි විශාලතම වාණිජ කාර්යාල සංකීර්ණ ව්‍යාපෘතියක් වන Orion Tower II එළිදැක්වීම පිළිබඳව Orion City ආයතනය අභිමානයෙන් යුතුව නිවේදනය කරයි. මෙහි ඉදි කිරීම් කටයුතු 2026 අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති අතර, 2029 ජනවාරි මාසය වන විට එහි වැඩකටයුතු අවසන් කිරීමට ඉලක්ක කර ඇත. ලංකාවේ ප්‍රමුඛතම සමකාමී ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට පත්වීමේ Orion City හි දිගුකාලීන අරමුණේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ආයෝජනය හැඳින්විය හැක.
Orion City හි දැනට සිටින ව්‍යාපාරික ප්‍රජාවගේ වර්ධනය වන අවශ්‍යතාවලට සහ ජාත්‍යන්තර තලයේ වාණිජ කාර්යාල පරිශ්‍ර සඳහා වන ඉල්ලුමට සරිලන ලෙස මෙම Orion Tower II ඉදිකෙරේ. මෙහි අතිනවීන පහසුකම් සහිත ‘Grade A’ කාර්යාල පරිශ්‍ර වර්ග අඩි 300,000ක පමණ ප්‍රමාණයකින් සමන්විත වන අතර, එමගින් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම Orion City හි සමස්ත ව්‍යාපාරික පරිසරය තවදුරටත් ශක්තිමත් කිරීමට ද උපකාරී වනු ඇත.
ලෝකප්‍රකට සිංගප්පූරුවේ DP Architects සමාගම සැලසුම් කළ මෙම නව ගොඩනැගිල්ල Orion Tower I සමග සෘජුවම සම්බන්ධ වන අතර, එමගින් වර්ග අඩි 36,000ක විශාල ඒකාබද්ධ බිම් ප්‍රමාණයක් නිර්මාණය වේ. කොළඹ නගරයේ අංශක 180ක පුළුල් දර්ශනයක්, පහසුවෙන් කාර්යාල ඉඩකඩ සකසා ගත හැකි මැද කුලුනු රහිත බිම් ප්‍රමාණයන් මෙන්ම පරිසර හිතකාමී ජාත්‍යන්තර ප්‍රමිති තහවුරු කරන LEED Platinum සහතිකය ලබාගැනීමේ ඉලක්කය සහිතව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.
Orion City හි ප්‍රධාන අභිප්‍රාය වී ඇත්තේ සෑම විටම කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීමටත් එහා ගිය කාර්යභාරයකි. ව්‍යාපාර, ජනතාව සහ සමාජය එකට එක්ව ඉදිරියට යන සේවා පරිසරයක් තුළ අනාගත වැඩබිම නිර්මාණය වන බව අපි විශ්වාස කරමු.
වසර ගණනාවක් පුරා Orion City, දෛනික සේවා ස්ථාන අත්දැකීම ඉහළ නංවන පහසුකම් සහ සේවා වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කර ඇත. ඒ අනුව වර්තමානය වන විට, උසස් කාර්යාල යටිතල පහසුකම්, නම්‍යශීලී සේවා අවකාශ, ළමා සුරුකුම් මධ්‍යස්ථාන, විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානයක්, උසස් මට්ටමේ භෝජනාගාර, ව්‍යායාම සහ සෞඛ්‍ය පහසුකම්, ආගන්තුක සත්කාර සේවා, සිල්ලර වෙළෙඳසල් සහ වෘත්තීයමය ලෙස කළමනාකරණය කරන පොදු පරිශ්‍ර ඇතුළු බොහෝ දේ මෙම පද්ධතියට ඇතුළත් වේ. මෙමගින් ආයතන මෙන්ම ඒවායේ සේවකයන් ද සවිබල ගන්වන ජීවන අත්දැකීම් රැසක් සපයයි.
Orion Tower II යනු Orion City, හි අනාගත දැක්මේ ස්වාභාවික ප්‍රගතිය සහ විකාශනයයි. උසස් ප්‍රමිතියෙන් යුතු වාණිජ කාර්යාල පරිශ්‍ර ලබා දීමෙන් ඔබ්බට යමින්, Orion City, හි සමස්ත ව්‍යාපාරික පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, එහි සේවය කරන ව්‍යාපාරිකයන්ට සහ සේවකයන්ට හිමිවන පහසුකම්, සේවා මෙන්ම අත්දැකීම් තවදුරටත් පුළුල් කිරීමටත් මෙම ව්‍යාපෘතිය මග පාදයි.
Orion Tower II හරහා, Orion City වසර විස්සකට ආසන්න කාලයක් පුරා ලබා ඇති සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන අතර, ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම්, පාරිසරික සුරක්ෂිතතාව, තාක්ෂණය සහ ආගන්තුක සත්කාරය මුසු කරමින් අනාගත වාණිජ පරිශ්‍ර සඳහා වන නවතම ප්‍රමිතියක් ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතිය Orion City හි දීර්ඝකාලීන ව්‍යාපාර පුළුල් කිරීමේ උපායමාර්ගයේ ඊළඟ අදියර නියෝජනය කරයි. බහුජාතික සමාගම්, දේශීය ව්‍යාපාර, ව්‍යවසායකයන් ඇතුළු සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට ජාත්‍යන්තර මට්ටමේ වාණිජ යටිතල පහසුකම් සපයමින්, ලංකාවේ ව්‍යාපාරික අනාගතය සකස් කිරීමට Orion City සතු කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd