
ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තය මේ වන විට සැලකිය යුතු වෙනස්කම්වලට ලක්වෙමින් පවතින අතර, තිරසාරභාවය, සම්පත් කාර්යක්ෂමතාව, නවෝත්පාදනය, තාක්ෂණය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතාවලට අනුකූල වීම සම්බන්ධයෙන් අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාපාරවලට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. මෙම පසුබිම තුළ ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ඇසුරුම්කරණ ප්‍රදර්ශනය වන LANKAPAK 2026, 2026 ඔක්තෝබර් 23 සිට 25 දක්වා කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී (SBMEC) පැවැත්වීමට නියමිතය. මෙහිදී ලංකාවේ මෙන්ම විදේශයන්හි ප්‍රමුඛ පෙළේ කර්මාන්ත පාර්ශ්වකරුවන් රැසක් එකම වේදිකාවකට එක්වනු ඇත.
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය SLIP) විසින් CDC Events සමග එක්ව සංවිධානය කරනු ලබන LANKAPAK හි 27 වැනි අදියරට ශ්‍රී ලංකාව සහ විදේශයන් නියෝජනය කරමින් සමාගම් 80කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශන කුටි 160කට වැඩි සංඛ්‍යාවක් එක්වනු ඇත. චීනය, ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින සහ අනෙකුත් දකුණු ආසියානු රටවල සහභාගිවන්නන් ද මීට ඇතුළත් වේ.
ගෝලීය වෙළෙඳපොළේ වෘත්තාකාර ආර්ථික ක්‍රමවේද, අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, ප්‍රතිචක්‍රීකරණය, ද්‍රව්‍ය කාර්යක්ෂමතාව සහ තිරසාර නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙමින් පවතින අවස්ථාවක LANKAPAK 2026 පැවැත්වීම ඇසුරුම්කරණ ක්ෂේත්‍රයට ඉතා වැදගත් වේ. ඇසුරුම්කරණය තවදුරටත් නිෂ්පාදනයක් ආරක්ෂා කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා පමණක් භාවිත වන ක්‍රමයක් නොවන අතර, එය නිෂ්පාදන කාර්යක්ෂමතාව, නිෂ්පාදන සංවර්ධනය, සන්නාම වටිනාකම සහ අපනයන තරගකාරීත්වය කෙරෙහි බලපාන වැදගත් සාධකයක් බවට පත්ව ඇත.
මෙම ප්‍රදර්ශනයෙන් ඇසුරුම්කරණ වටිනාකම් දාමය පුරා සිදුවන නවතම සංවර්ධනයන් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ, සැකසුම් තාක්ෂණය, මුද්‍රණ ක්ෂේත්‍රය, ප්ලාස්ටික්, කඩදාසි, ලේබල්කරණය, තිරසාර ඇසුරුම්කරණය සහ නවෝත්පාදන ද්‍රව්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඊට ඇතුළත් වේ.
LANKAPAK 2026 මගින් ලාංකික නිෂ්පාදකයන්, අපනයනකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණ සැපයුම්කරුවන්, ගැනුම්කරුවන් සහ කර්මාන්ත වෘත්තිකයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙනු ඇත. එමගින් නව විසඳුම් හඳුනා ගැනීමට, ව්‍යාපාරික හවුල්කාරිත්ව ගොඩනගා ගැනීමට සහ නව වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත වීමට වටිනා අවස්ථා උදා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd