(හර්ෂණ තුෂාර සිල්වා)
විද්‍යුත් ගනුදෙනුවලදී ශ්‍රී ලංකාව ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බව වීසා කාඩ් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා අද (22) කොළඹදී පැවැසීය.
මේ වසර අවසානය වනවිට විද්‍යුත් කාඩ්පත්වලින් කරන ලද ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 300 ඉක්මවා යනු ඇතැයි ද හෙතෙම කීවේය. වීසා කාඩ්පත් භාවිතය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැති වැඩසටහනක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා එම කරුණු කීය.
“අද වනවිට රටපුරා භාවිත වන හර හා ණයපත් සංඛ්‍යාව මිලියන 19.5ක්. ඒ වගේම ගෙවීම් කිරීමේදී භාවිත කරන යන්ත්‍ර 44 832ක් රට පුරා තිබෙනවා. එම යන්ත්‍ර සහ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රවලින් කරන ලද ගනුදෙනු ඉවත් කළ විට හර හා ණයපත් භාවිතයෙන් පසුගිය වසරේදී කළ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 290ක්.මෙම දත්ත මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් ලබාගත හැකියි.
මේ අනුව ශ්‍රී ලංකාවේ මුදල් භාවිතයෙන් තොර ගනුදෙනුවල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. මේ වසරේදී කාඩ්පත්වලින් කරන ලද ගෙවීම් රුපියල් බිලියන 300 ඉක්මවා යනු ඇතැයි අපට විශ්වාසයි” යැයි ඇන්තනි වොට්සන් මහතා කීවේය. එය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ධාවකයක් යැයි ද හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේය.
මුදල්වලින් තොර ආර්ථිකයක් කරා ගමන් කිරීමේදීත් විද්‍යුත් වාණිජ්‍ය පුළුල් කිරීමේදීත් සංචාරක හා ඇඟළුම් යන ක්ෂේත්‍ර කාඩ්පත් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු අවස්ථා වැඩි කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද වීසා කාඩ්පත් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා වැඩිදුරටත් කීවේය.
වීසා කාඩ්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දියත් කළ වැඩසටහනට අමතරව වීසා සමාගම සමාජ සත්කාර වැඩසටහන් ද දියත් කිරීමට කටයුතු කර තිබිණි. එම වැඩසටහන යටතේ විදේශිකයන් 52 කුගේ සහභාගිත්වයෙන් ත්‍රී රෝද රථ 26කින් දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් කිලෝමීටර 1168 ක දුරක් ආවරණය කළ බව ද එම සමාගම සඳහන් කරයි.
ඡායාරූපය රොයිටර්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේම ඉන්නේ මිලියන 20 පමණ. භාගෙකට වඩා කට්ටිටියට හරි හමන් අදායමක්වත් නැ, නමුත් ක්‍රෙඩිට් කාඩ් තියෙන අය මිලියන 19.5 ක් ඉන්නවලු. ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 300 ක්. මේ ලංකාවේද කියල මට පොඩි සැකයක් තියෙනවා .
රට යන්නෙත් ණයට, රටේ මිනිස්සු යන්නෙත් ණයට, රටේ ආර්ථිකේ වලපල්ලට.
ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයෙන් මුදල්වලට ඇති ගරුත්වය සහ මුදල්වල අගය හෑල්ලුවට ලක් වෙනවා. විශේෂයෙන්ම කාඩ් භාවිතා කරමින් ද්‍රව්‍ය සහ සේවාවන් මිළදී ගැනීමේදී. එමගින් තමාට දැරිය හැකි ප්‍රමාණයට වඩා වියදම් කිරීමට පෙලඹෙනවා. කාඩ් නිකුත් කරන්නන් මෙම තත්වයට පැමිණීමට ජනතාව උසි ගන්වනවා වෙළඳ දැන්වීම් ආදී ප්‍රචාරක වැඩ සටහන් මගින්. ඔවුන්ට වාසි ලැබෙන්නේ ජනතාව වැඩි වැඩියෙන් කාඩ් භාවිතයට නැඹුරු වූ තරමටයි. එමනිසා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කිරීම ඉතාම පාලනයකින් යුතුව කළ යුතු දෙයක්.
රාජුන් කියනඑක හරියටම හරි. රාජුන් මගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙක්. මේ ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය නිසා සිය දිවි නසා ගැනීම් පවා වාර්තාවෙලා තියෙනවා. පවුල් කඩා කප්පල් වීම් අනන්තයි. ක්‍රෙඩිට් කාඩ් වලින් වියදම් කරන විට තමාට දැරිය හැකි ප්‍රමාණය ගැන ඇති දැණුම හීන වෙනවා. සමහර රටවල ක්‍රෙඩිට් කාඩ් ප්‍රචාරක කටයුතු ආදිය තද නීති මගින් පාලනය කර තිබෙනවා. සමහර රටවල ක්‍රෙඩිට් කාඩ් භාවිතා කර ඔට්ටු ඇල්ලීම්, සූදුව ආදිය තහනම්. මේ ණය පත් පාවිච්චි කරන විට ඉතාම පරිස්සම් විය යුතුයි. මේ විෂය ගැන පොත් පත්, විමර්ශන ලිපි ආදිය කොතෙකුත් පල වී තියෙනවා. අතට ඔබ ඉතා කල්පනාවෙන් පාවිච්චි කරනවා නම් ක්‍රෙඩිට් කාඩ් ඔබේ ඉතා කීකරු මිත්‍රයෙක් කර ගත හැකියී.
මේ සංඛ්‍යාලේඛනවලින් හෙළිවන සත්‍යය අප රටේ ණය කාඩ්පත් භාවිතය ඉහළ ගොස් ඇති බවයි. ඒ ප්‍රවණතාව රටට ආර්ථික වශයෙන් හිතකර නැහැ. මොකද අතැති මුදල් නොමැතිව මිනිසුන් භාණ්ඩ මිලදී ගැනීමට හුරුපුරුදු වීම රටේ උද්ධමනය ඉහළ යාම, දරිද්‍රතා පීඩනය වැඩිවීම වගේ ගැටළු රැසකට මඟ පෙන්වනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න නම් සිදුවිය යුත්තේ මුදල් භාවිතය ඉහළ ගොස් ණය කාඩ්පත් භාවිතය අවම වීමයි. ණය කාඩ්පත් භාවිතය තුළ ඇත්තේ තාවකාලික පහසුවක් පමණයි.