- වැඩිම අඩුවීම ලෙස පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 2.13 කින් අඩුවෙයි
- ජනවාරි - අප්‍රේල් තේ නිෂ්පාදනයත් සියයට 5.29 කින් පහළට
පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 24.22 ක් ලෙස සටහන්ව තිබේ. එය 2025 වසරේ අප්‍රේල් මාසයේදී වාර්තා කළ තේ කිලෝ මිලියන 26.47 හා සැසඳීමේදී කිලෝ මිලියන 2.25 ක එනම් සියයට 8.49ක අඩුවීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker ආයතනය පවසයි.
මෙහිදී තේ වගා බිම් අනුව සැලකීමේදී උස්, මැදි සහ ඉහළ වගාබිම් තේ නිෂ්පාදන පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කර ඇති අතර, හරිත තේ නිෂ්පාදනය පමණක් ඉහළ යාමක් සටහන් කර තිබේ.
ඒ අනුව උස් වගා බිම් තේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 6.23 ක සිට කිලෝ මිලියන 6.19 ක් දක්වා සියයට 0.69 කින්ද, මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 5.24 ක සිට කිලෝ මිලියන 5.14 ක් දක්වා සියයට 1.83 කින්ද, පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 14.76 ක සිට කිලෝ මිලියන 12.63 ක් දක්වා සියයට 14.40 කින් පහත වැටී තිබේ.
හරිත තේ නිෂ්පාදනය 2025 අප්‍රේල් මාසයේ වාර්තා කළ කිලෝ 220,423 ට සාපේක්ෂව 2026 අප්‍රේල් මාසයේදී කිලෝ 238,637 ක් දක්වා සියයට 8.26 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර 2026 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා මුල් මාස හතරේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 83.94 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ කිලෝ මිලියන 88.63 ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ මිලියන 4.69 ක එනම් සියයට 5.29 ක අඩුවීමක් බව Forbes & Walker ආයතනය පවසයි.
මෙම කාලසීමාවේදීද හරිත තේ හැර, උස්, මැදි සහ පහත් වගා බිම් තේ නිෂ්පාදනය පිළිවෙළින් සියයට 2.37කින්, සියයට 6.65කින් සහ සියයට 6.13 කින් පහත වැටී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd