බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය හා කොරියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන බියුරෝව සැළැසුම් කර තිබේ.
වැඩසටහන් හි මුල් පියවර පසුගියදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ක්‍රියාවට නැංවිනි. එහිදී ශ්‍රී ලංකාවේ මන බදනා දසුන් වලින් සැරසූ කුලී රථ 300 ක ප්‍රමාණයක් ලන්ඩන් නගරයේ ධාවනයට එක් කැරිණි.
මෙම කුලී රථ වල පිටත සේම ඇතුළතද එවැනි දසුන් වලින් සරසා තිබුණි. ගමන අවසානයේ කුලී රථයෙන් ලබාදෙන බිල්පතෙහි පවා ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ස්ථානයන් පිළිඹද සටහන් හා ඡායාරූප අන්තර්ගතය.
මෙම ව්‍යාපෘතිය පුරා සති 12 ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර වන බර්මින්ග්හැම් හා මැන්චෙස්ටර් යන නගර වලටද මෙසේ විශේෂයෙන් සරසන ලද කුලී රථ හදුන්වාදීමට සැළසුම් කර ඇත.
කුලී රථ යනු විදෙස් රටවල පවා දිනපතාම නගර වල සැරිසරන්නක් වන හෙයින් එය යොදාගෙන වඩා ඵලදායී ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකිවනු ඇතැයි හදුනාගත් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝව පවසයි.
මෙම ව්‍යාපෘතියෙන් කුලී රථ වල ගමන් කරන්නන් පමණක් නොව. පදිකයින් හා වෙනත් රථ වාහන වල ගමන් කරන්නන්ද ඉලක්ක කෙරේ.
ඉදිරියේදී පෙරකී අනෙක් රටවලද මේ හා සමාන සංචාරක ප්‍රවර්ධන වැඩටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මිට කලින් රට සංවර්ධනය කලා නම් හොද නැද්ද? අනික යුරෝපයේ මේ වගේ ප්‍රචාරයකට කරන වියදම හොයන්න කොච්චර සංචාරකයෝ එන්න වෙයිද ලාබ ලබන්න නම්! (නදී)
මේක හොදයිද කියල කියන්න පුළුවන් වෙන්නේ වියදමත් එක්ක දැම්මනම්. මොකද තව මිට වඩා හොද විකල්ප ඕන තරම් තියෙනවා. (දී)
ලංකාවේ හැදියාව සහ විනය අවංක කම ගැන සැලකිලිමත්වෙන්න මේ තුලින් ලෝකෙට දෙන්න ඕනි හරිම පණිවිඩේ සංචාරක ව්‍යාපාරය නිසා විවිද ජාතින් ලංකාවට එනවා ඒ ජතිගේ දහස් වලට ගරුකරන්න ඕනි !(දිල්)
ලංකාවේ හැදියාව සහ විනය අවංක කම ගැන සැලකිලිමත්වෙන්න. මේ තුලින් ලෝකෙට දෙන්න ඕනි හරිම පණිවිඩේ සංචාරක ව්‍යාපාරය නිසා විවිධ ජාතින් ලංකාවට එනවා ඒ ජාතින්ගේ දහස් වලට ගරුකරන්න ඕනි !!! මේ හැමදෙයක්ම ගොඩ නගන්න පුලුවන් ගෙදරින් සහ පාසල තුලින් දැන් රටේ විනය පිරිහිමකට ලක්වෙලා ..(අ)
රජින්ද, ඔබගේ අදහස හරි. පසුගිය දින කීපයේ පුවත්පත් බැලුවාම සංචාරකයන්ට කළ හොරකම්, මංකොල්ලකෑම්, අර ප්‍රංශ සංචාරිකාව ලොරියේ හැපුණු එක වගේ සිද්ධි කීයක් වුණාද?? (නි)
රට ආරක්ෂිතයි සහ රටේ නිතිය හොදට ක්‍රියාත්මක වන බව ආපසු යන සංචාරයකයින්ට හැගේ නම් එම සංචාරකයින්ම ලංකාව සංචාරයට සුදුසු ස්ථානයක් බවට ප්‍රවර්ධනය කරනවා. ලංකාවෙන් යනකොට ලංකාව එපා වෙන තැනට වැඩ නොකරන්න ලොකු, කුඩා, බලපුලුවම්කාරයින් සහ අයියලා සිතට ගත යුතුයි (නදී)
පළමුව යුරෝපයෙන්, ඇමෙරිකාව, ජපානය වැනි රටවලින් එන සංචාරකයන්ට අලුතින් පැනවූ වීසා බාධක ඉවත්කර අර පැරණි ක්‍රමයට වීසා ලබාදෙන්න. හොඳට වියදම් කරන්නේ යුරෝපයෙන් සහ රුසියාවෙන් එන සංචාරකයන් පමණි. සංචාරකයන්ගේ ආරක්ෂාව ඇතුළු පහසුකම් ගැනත් අපි විසින් සිතිය යුතුය. (නි)
අනේ මුනිච් නගරයටත් මේ වැඩ සටහන කරන්න. (නදී)
අපේ පැරණි සිංහලයෝ හරි අවංකයි. මුදල් වෙනුවෙන් බොරු කිව්වේ නැහැ. මේ දේශපාලනය ලංකාවට හඳුන්වා දුන් දවසේ සිට ඉහළ සිට පහළටම බොරු කියන පෝළිමේ. (නි)
අපේ මිනිස්සුත් එක්කනේ මේ වැඩ කරන්න බැරි (දී)
ඉතා හොඳ ක්‍රියාවක් (දී)
පිස්තෝල අතේ තියාගෙන දඟලන දේශපාලුවන්ගෙන් තමයි සංචාරකයන් බේරා ගතයුතු. (දී)
පළමුව රටේ සදාචරය ගොඩනඟන්න ඕනෑ සංචාරකයෝ මෙහෙට ගෙන්නා ගන්න පෙර. රට ගැන විශ්වාසයක් තිබෙන්න ඕනෑ ! එහෙම නැත්නම් ලංකාව එකතැන පල්වෙනවා. (නි)
කෝ මේ අධිරාජ්‍යවාදීන්ට බනින කට්ටිය? ශ්‍රී ලාංකිකයන් හැටියට ගොඩක් දේවල් තිබෙනවා ඉගෙනගන්න ලෝකයෙන් හා සමාජයෙන් (නි)
වැඩේ නම් හොඳයි. ලංකාව ගැන හොඳ නමක් ලෝකයට යනවා (නි)
හොඳ වැඩක් (නි)
හොඳ වැඩක්,ටයිම්ස් වගේ සඟරාවලත් බි බි සි වැනි රුපවාහිනි නාලිකාවලත් දැන්වීම් පල කරන්ඩ. ජෙර්මනිය, ප්‍රන්සය, ජපානය, කොරියාව, අරාබි රටවල් ඉලල්ල කලොත් රටට වැඩදායක වෙයි., වෙරල බද ප්‍රදෙස වල ආරක්ෂාව දැඩි කල යුතුයි (දී)
කාලෙකින් හොඳ කතාවක් ඇහුවා (දී)
සංචාරකයින් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි ප්‍රථමයෙන් (දී)
රටට සල්ලි එන ක්‍රමයක් (දී)
චීනයේ සහාය ලැබෙනවාද (දී)
ලෝකේ රටවල් මොකද කියන්නේ (දී)
මේ සඳහා මිට වඩා ප්‍රචාරණයක් අවශ්‍යයි (දී)
සන්තෝස වෙන්න ඕනේ අපේ ලංකාව දියුණු වෙනකොට (දී)
කවදා වෙනකල් කරයිද දන්නේ නැහැ (දී)
මේ කටයුත්තේදී විදේශයට සරිලන ව්‍යාපාර ලංකාවේ ඇති කරන්න ඕනේ (දී)
හොඳ වැඩක් (දී)
මේ යටතේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලවල් මොනවාද (දී)
සංචාරකයෝ බයයි ලංකාවට එන්න (දී)
මේ සම්භන්ධ සියලු පුවත් ඉදිරියටත් පල කරන්න (දී)
ලංකාව දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)
දේශපාලකයන් විසින් ප්‍රසිද්ධියේ සංචාරකයන් මරා දමන සංචාරකයෝ අනතුරකට ලක් උනහම රුපියල් මිලියන ගණනක රෝහල් බිල් ඉදිරිපත කරන රටකට එන්න ගොඩක් සංචාරකයන් බියක් දක්වති (නදී)
සංචාරක ව්‍යාපාරය දියුණු නොකර රටක් දියුණු කරන්න බැහැ (දී)
අගය කරනවා (දී)
අපේ රටේ මිනිස්සුන්ගේ හිත නිවලා ඉන්න ඕනේ මේවා කරන්න (දී)
ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝක සංචාරක ව්‍යාපාරයට සමාන කරන්න බැහැ (දී)
අනෙකුත් රටවල් වල සංචාරක දැනුම අපේ රටේ සංචාරක ව්‍යාපාරයට යොදා ගන්න (දී)
සංචාරක ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)
ලෝකේ විශිෂ්ට තැනකට ලංකාව පත් වේවා (දී)
මෙන්න මෙවානේ කරන්න ඕනේ (දී)
හොඳ වැඩක් (දී)
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් එම ආයතන නියෝජිතයින් අත්දැකීම් බහුල පිරිසක් බැවින් මේ අයගේ අදහස්,යෝජනා විමසා කඩිනම් පියවරක් ගැනීම සුදුසුයි.සංචාරකයින්ගේ ආරක්ෂාව ගැනද ප්‍රමුඛත්වය දියයුතුයි ! (නි)
අපෙන් වෙන්න පුළුවන් සහාය අපි දෙනවා (දී)
රටක් සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රධානතම අංශයක් තමයි සංචාරක ව්‍යාපාරය කියන්නේ (දී)
ඉතා හොඳ වැඩපිළිවෙලක් (දී)
සංචාරකයෝ මෙහෙට ගෙන්න ගන්න කලින්, මෙහි එන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කළයුතුයි නේද? (නි)
සමාජය පිරිසිඳු නොකර මේවා කලාට වැඩක් නැහැ (දී)
මගේ රටට යහපතක්ම වේවා (දී)
මේ ටැක්සි රට පුරාම යන්නේ නැහැ නගරයේ පමණි මේ දරන වියදමට පුළුවන් මුලුලොවටම හෝ රටටම පෙන්විය හැකි ක්‍රම තිබෙනවා වැඩි විස්තර ඕනේ නම් ලියන්න (දී)
බොහෝ සංවර්ධිත රටවල ජනගහනය වයස්ගතවිම සැලකිල්ලට ගෙන ,වයස්ගත සංචාරකයන් ඉලක්ක කරගත් වැඩසටහන් ,සේවා තිබිය යුතුයි. (අ)
පළමුව සංචාරකයින්ගේ දැන් ඉදන්ම ආරක්ෂාව සහතික කරන්න. ඉබේම රටට යහපතක් ගෙනදේ . (නදී)
පළමුව සංචාරකයින්ගේ දැන් ඉදන්ම ආරක්ෂාව සහතික කරන්න. ඉබේම රටට යහපතක් ගෙනදේ. (නදී)
හොඳ වැඩක්. මේ සමාගම ශ්‍රී ලංකාව තුළ තිබෙන හෝටල් ගැන පළවෙන වෙබ් අඩවි පාලනය කළ යුතුයි. ඔහුන් පෙන්වන දර්ශනීය බව හෝ පිරිසිදු බව බොහෝවිට ඒ තුළ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ. (නි)