- මුල් මාස පහ තුළ විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 26 කින් ඉහළට
මේ වසරේ මැයි මාසයේදී විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් හිමි වූ ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 847ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 මැයි මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 641.7 හා සැසඳීමේදී සියයට 31.9 ක වර්ධනයකි.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා මුල් මාස පහ තුළ හිමි වුණු සමස්ත විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,910 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 එම මාස පහ තුළ හිමි වූ ඩොලර් මිලියන 3,102 හා සැසඳීමේදී සියයට 26 ක වර්ධනයකි.
මෙලෙස ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණ අතර දිට්වා සුළි කුණාටුවෙන් පසුව මෙරටට ලැබුණු වෙනත් ප්‍රේෂණද පවතින බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd