(කාංචන කුමාර ආරියදාස)
දේශීය පොල් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් ආණ්ඩුව පියවර ගත යුතු බවත් වහාම පොල් ඉඩම් කැබලි කිරීම රට තුළ තහනම් කරන ලෙසත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඒකාබද්ධ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.
පොල් ඉඩම් කැබලි කිරීමේ ජනාධිපති තහනම් නියෝගය වහා බලාත්මක කරන ලෙස ඉල්ලා පොල් කර්මාන්ත සුරැකීමේ ජාතික එකමුතුව දඹුල්ල ප්‍රදේශයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන ගණනාවක නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට තම සංවිධානයේ ස්තුතිය ජනාධිපතිවරයා වෙත පුදකර සිටින බවයි.
එමෙන්ම ඉදිරියේදී රටේ විශාල පොල් හිඟයක් ඇති වෙන බවත් පොල් ආශ්‍රිත අනෙකුත් කර්මාන්ත සියල්ල කඩා වැටී ඇති බවත් නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය. පොල් ඉඩම් කැබලි කිරීම වනසතුන් ගෙන් හානි ඇතිවීම මෙන්ම විවිධ රෝගාබාධ ඇතිවීම නිසා මෙරට පොල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය . මේ හේතුව නිසා පොල් ගස ආරක්ෂා කිරීමේ ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ලෝකයේ වැඩිම පොල් පරිභෝජනය කරන රට ලංකාව බවත් වසරකට ඒකපුද්ගල පොල් පරිභෝජනය ගෙඩි 109 ක් බවද කිවේය .ඒ අනුව වසරකට ගෙඩි මිලියන 2000ක් බව කිවේය .පොල් ඉඩම් හෙක්ටයාර් 21616 මේ වනවිට රටට අහිමි වී තිබෙන බවද කිවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ඉඩම් විතරද ? ගම්මාන හදන්න තට්ටු ගෙවල් ක්‍රමයට එතකොට පොලව කොන්ක්‍රීට් එක නැති වෙනවා .
කොම්පැණි වලට ඉඩම් විනාස නොකර නිවාස සංකීර්ණ ඉදිකරන්න උනන්දු කරන එක සුදුසුය තට්ටු නිවාස ඉදිකර රටේ ඉඩම් ආරක්ෂා කරගත යුතුය.
ඉතා හොඳ වැඩක්.
පොල් ඉඩම් කොටස් කිරීම තහනම් කරාම හරියනවා කියල හිතන මෝඩ දේශපාලුවෝ. ඔය නිතිය ගෙනාවට පස්සේ කරන්නේ ඉස්සරවෙලාම පොල්ගස් කපල අයින් කරනවා. එතකොට ඒක පොල් ඉඩමක් නොවෙයි හිස් ඉඩමක්. ඉන්පසු හිස් ඉඩමක් කොටස්කර විකිණීම වරදක් නොවෙයි. කුඹුරු ගොඩ කිරීම තහනම් කලාට පසු ගොඩ දෙනෙක් කුඹුර වගා නොකර අවුරුදු 3-4 තියල ඉන්පසු එහි කෙසෙල්, කොහිල අලකොල වගාකර ඉඩම කුඹුරක් නොව ගොඩ ඉඩමක් කර ගොඩ කිරීම වෙන බව රටම දන්නා දෙයක්. අනික මොන නිතිය ගෙනාවත් එය ගමේ ගොඩේ අහිංසකයන්ට පමණයි. බලය නිලය මුදල ඇති අය ඕනෙම වරදක් කර බේරී යයි.
මට මතකයි දැන් කාලෙක ඉඳලා කිහිප වරක් ඔය වැඩේ තහනම් කළා.
දැනටමත් හොඳටම පරක්කුයි. එ්ත් කමක් නෑ ඉක්මනට ඕක තහනම් කරන්න. නැති නම් රටින් පොල් ඔක්කොම ගෙනෙන්න වෙනවා. පොල් ත්‍රිකෝණයේ පොල් ඉඩම් ඇත්තෙම නැති තරම් කුට්ටි කරලා විකුණලාම.
පළමුවෙන්ම කලයුත්තේ තමන්ට සෙත්පතාත්, අනෙකුන්ට හෙන (වින ) පතාත් . කරන පුජාවන් වලින් මිදීමයි. එවිට තිබෙන පොල් පරිබෝජනයට ප්‍රමාණවත්.
මේක ඉතාමත්ම හොඳ වැඩක්...
රටක් දියුණු වෙනකොට නගර සංවර්ධනය හා පුළුල් කිරීම විය යුතුය. එවිට නාගරිකයාට පාසල්, ආරෝග්‍යශාලා, බැංකු හා වෙළඳ කටයුතු පහසුවේ. ඉඩම් කොටස් ගන්නේ තරුණ පවුල් කොටස් වශයෙන් ගෙවන්න. තම දරුවන්ට හා තමන්ට පහසුවෙන් ජීවත්වෙන්න. එයට සමාජය ඉඩදිය යුතුවේ. නගර ආසන්න පොල් ඉඩම් නගර පුළුල් කිරීමට නිදහස් කර දුරස්ථ පොල් ඉඩම් වල පලදාව වැඩි කල යුතුය අපේ පොල් වගාවට නිසි කළමනාකරණයක් ඕනේ. මෙය ඉඩම් පරිහරන සැලසුමි කිරීම වේ. එය රජය විසින් කිරීම නොසලකා හැරය.