- ලංකාවේ කජ ු ගසක ඵලදාව කිලෝ 5ක් වුවත් විදෙස් රටවල එය කිලෝ 50ක්
- වසරකට අලුතින් කජ ු පැල ලක්ෂ 10ක් අවශ්‍ය වුවත් නිපදවන්නේ ලක්ෂ 4 යි
තාක්ෂණ සහ පර්‌යේෂණ ඔස්සේ මෙරට කජු වගාව ඉහළ නංවමින් ඒ හරහා ලැබෙන ඵලදාව දැනට වඩා වැඩි අගයකට පත් කරනීම සඳහා සහාය ලබාදීමට සූදානමින් සිටින බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වැවිලි බෝගයක් ලෙස කජු ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන සහ අනාගත තාක්ෂණික, පර්‌යේෂණාත්මක සහ මෙහෙයුම් අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමේ සාකච්ඡාවක් එම අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත් වී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කජු ගසකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න ප්‍රමාණය කිලෝ 4 - 5 ත් පමණ ප්‍රමාණයක් බවත් වෙනත් රටවල නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා කිලෝ 20ක පමණ අස්වැන්නක් ලබාගත හැකි තත්වයට දියුණු කර ඇති බවත් මෙහිදී හෙළි වී තිබේ.
එසේම රට තුළ දියුණු කජු වගාවකට වර්ෂයකට පැළ මිලියනයක් පමණ අවශ්‍ය වුවද දැන් නිෂ්පාදනය කෙරෙන්නේ පැළ ලක්ෂ 3-4 ප්‍රමාණ බැවින් ඊට විසඳුමක් ලෙස වර්ෂ 10ක ඉදිරිය ගැන සිතා අවශ්‍ය බද්ධ පැළ ඇතිකිරීමට විද්‍යාත්මක ක්‍රමවේද අවශ්‍ය බව මෙහිදී පාර්ශ්වකරුවන් පෙන්වා දී තිබේ.
ඒ අනුව කජු වගාවේ නව ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම, අවශ්‍ය බද්ධ පැළ හා ගුණාත්මක බීජ නිෂ්පාදනය වෙනුවෙන් පවතින පර්‌යේෂණ හා තාක්ෂණික පරතරයන් පියවීම සඳහාත්, උසස් පටක රෝපණ ප්‍රචාරණය සඳහාත් අමාත්‍යාංශය යටතේ ඇති පර්‌යේෂණ ආයතනවල සහය ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර තිබේ.
එහිදී රාජ්‍ය හා සහ පෞද්ගලික අංශය අතර උපායමාර්ගික සබඳතා ඇති කිරීම සහ ශක්තිමත් අවබෝධතා ගිවිසුම් (MOU) යටතේ වෙනත් රටවලින් ඉහළ අස්වැන්නක් ලබාදෙන ජානමය ද්‍රව්‍ය (germplasm) ආනයනය කිරීමේ යාන්ත්‍රණයන් ඇති කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd