- සැප්තැම්බර් මුල් දින නවය තුළ රැ.මි. 98 ක මුදල් ලාභාංශ ගෙවීමක්
- 2025 වසරේ ගෙවූ මුදල් ලාභාංශවල වටිනාකම රු.බි. 231 ක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් 2026 වසරේ ජනවාරි 01 සිට සැප්තැම්බර් 09 වැනිදා දක්වා ගත වූ කාලය තුළදී සිය කොටස් හිමිකරුවන් වෙත රුපියල් බිලියන 196.4 ක් (රුපියල් 196,415,000,000ක්) වටිනා මුදල් ලාභාංශ ගෙවීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.
කොටස් තැරැව්කාර ආයතනයක් වන Senfin Securities ආයතනය මගින් දිනපතා නිකුත් කරන වෙළෙඳපොළ සාරාංශ වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ.
ලැයිස්තුගත සමාගම් එම හුවමාරුව වෙත අනාවරණය කරන මුදල් ලාභාංශ ගෙවීමේ තොරතුරු අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. මීට අමතරව ඇතැම් සමාගම් වසර තුළ කොටස් ලාභාංශ ගෙවීම්ද සිදු කරයි.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ මුල් දින නවය තුළ මෙතෙක් ගෙවා ඇති රුපියල් මිලියන 98 ක මුදල් ලාභාංශ මුදලක් සමගින් මෙම වටිනාකම සටහන්ව ඇත. වසරේ වැඩිම මුදල් ලාභාංශ ගෙවූ මාසය ලෙස පෙබරවාරි මාසය සටහන්ව ඇති අතර, එය රුපියල් බිලියන 69.5කි.
මෙම වාර්තාවට අනුව පසුගිය 2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව තුළ ගෙවා තිබූ සමස්ත මුදල් ලාභාංශවල වටිනාකම රුපියල් බිලියන 182 ක් (182,089,000,000 ක්) වෙයි. ඒ අනුව වසරේ මේ දක්වා ගෙවී ඇති මුදල් ලාභාංශ වටිනාකම එම අගය ඉක්මවා තිබේ.
එසේම සමාගම් 2025 තුළ ගෙවූ මුදල් ලාභාංශවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 231.2 ක් (රුපියල් 231,271.700,000ක්) ලෙස සටහන්ව තිබේ.
මේ අතර 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් මාසයේ 20 වැනිදා දක්වා තවත් සමාගම් 20 වැනිදා දක්වා සමාගම් 15ක් සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට සූදානමින් සිටින බවත් Senfin Securities සඳහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd