IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නෝර්වේ - කරෙයිනගර් මිලියන 1000ක ව්‍යාපෘතියක්

(දසුන් රාජපක්ෂ)

රුපියල් මිලියන 1000ක වටිනාකමින් යුතු, ධීවර යාත්‍රා සහ ආම්පන්න නිපදවීමේ ව්‍යාපෘතියක් නෝර්වේ රාජ්‍යය සහ යාපනය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනගාරය එක්ව ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.

නෝර්වේජියානු ආයෝජකයන් පිරිසක් සහ සී-නෝර් ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී පැමිණි එකඟතාවයකට අනුව, යාපනය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීම සඳහා මෙම  ව්‍යාපෘතිය ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (18) සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වෙත ලබා දීමට නෝර්වේජියානු ආයෝජකයන් කැමැත්ත පළ කළ බව ද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පැවසීය.

මේ සමඟම තවත්  ව්‍යාපෘති රැසක්  ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් රටට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් බෝට්ටු හා අනෙකුත් ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීම  සිය අපේක්ෂාව යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (6)

නෝර්වේ - කරෙයිනගර් මිලියන 1000ක ව්‍යාපෘතියක්

Binkunndaa Tuesday, 18 February 2020 07:14 AM

ආයේ කොටින්ගේ හොර වැඩවලට උදව් වෙන්න නව ක්‍රමයක් හදාගෙන වාගෙයි.

:       38       375

Raveendra Wednesday, 19 February 2020 12:03 PM

කව්රුත් විරුද්ධ වෙයි අපගේ අදහස්වලට. නමුත් මේ නෝවේකාරයන් යනු හීන් නුලෙන් රටවල් විනාශ කිරීමට උපන් හපන්නු බවනම් කිව යුතුය. හොදින් විපරම් කර බැලීමේදී මේ අය කිසියම් රටකට උදව් කරන්නේ නම් සහ එසේ උදව් කළ රටවලට දැන් වෙලා තිබෙන හදිය එමගින්ම මෙම හිවලුන්ගේ චර්යාව අප සැමට හිතාගත හැකිය. අයි කරේ නගර් වලට ඔය කියන යෝජනාව ගෙනෙන්නේ පුළුවන්නේ කොළඹ වරායට ගෙන ඒමට කෙසේ වෙතත් මෙම අය ප්‍රභාකරන්ට කෙසේ උදව් කළේද යන්න ශ්‍රී ලාංකිකයන්ට අමතක නොමැති යයි අප විස්වාස කරන්නෙමු. (ලෝකයේ ඉහළින්ම දියුණුයි කියන රටවල් කිසියම් රටකට උදව් කරන්නේද එහි යටි අරමුණු ඉතාම භයානකය.එය තමයි යතාර්ථය.) කෙනෙකුට කිව හැක අපි වතුර බොන කෝප්පයේ අලි පැටවා දකින බවට නමුත් අන්තර්ජාලයේ සැරිසැරීමේදී මෙම රටවල් අනෙකුත් ජාතින් භේද බින්න කිරීමට කර ඇති දේවල් දෙස බැලිමේදී මේ අය රටකට ඇතුලු වීමට ද ඉඩදීම වැරදිය.

:       6       347

පිටිගල. මිලානෝ Thursday, 20 February 2020 07:40 AM

ඕක ගාල්ලේ පැත්තේ කරන්න බැරිද?

:       2       72

Warnakulasuriya Thursday, 27 February 2020 03:33 AM

ගාල්ලේ ඉන්නේ ශ්‍රී ලංකාවේ විශේෂ ජන කොටසක්ද? කරෙයිනගර් ජනතාව ශ්‍රී ලාංකීකයන් නොවේද? ඔවුන් තල් ඇට ලෙවකමින් ජීවත් වියයුතු ජනතාවක් ලෙස දකුණේ වලව්කාරයන් සිතන්නේද? ජනපති වීමට සහ ආණ්ඩුවක් අටවා ගැනීමට පමණක් ඔවුන් වැදගත් වන්නේද? කතා කරන භාෂාව නිසා මනුෂ්‍යත්වයට හිංසාවක් නොවිය යුතුය. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ත්‍රිවිද හමුදාවක් සිටින බව අපි අමතක නොකළ යුත්තෙමු. රට වටේ තිබෙන මහමුහුදෙන් යැපෙන්න පුළුවන් රටක දේශප්‍රේමින්, රටේ සිටින දුප්පත් කාන්තාවන් මැදපෙරදිග වහල්කමට යැවීම කණගාටුවට කරුණකි.

:       1       0

tharindu Thursday, 20 February 2020 11:47 AM

කව්ද ඕකට අනුමැතිය දීපු ඇමති ?රට නොවේ ව්‍යාපෘතිය යාපනේ. සම්බන්දතාවය පැහැදිලියිනේ. රාජ්‍ය තාන්ත්‍රිකව ඔවුන්ගේ උදව් ප්‍රතික්ෂේප කළ යුතුයි. හේතුව ඔවුන්ගේ රජයේ ඉහළ පෙලේ නිලදාරීන් රජයේ අනුග්‍රහය ඇතිව ලංකාව දෙකඩ කිරීමට ගත උත්සාහයයි.

:       0       55

duminda Friday, 21 February 2020 05:38 AM

ආයෝජන හොදයි නමුත් කරෙයිනගර් කියන්නේ ප්‍රධාන භූමියෙන් වෙන් උන කොටසක්, අනික රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශයක්, එහෙම තැනක නොර්වේ වගේ රටක් ආයෝජනය කරද්දී සුපරික්ෂාකාරී වෙන්න ඕනි.

:       1       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site