IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාඋල පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක්

                                       


(ඉන්දික අරුණ කුමාර)
 
මාතලේ , නාඋල ප්‍රදේශයේ  පුවක් ගෙඩියක මිල   රුපියල් 16 ක්  දක්වා ඉහළ ගොස් තිබේ.
 
මාතලේ සහ දඹුල්ල ප්‍රධාන නගර අතර පිහිටි ප්‍රධාන උප නගරයක් වන නාඋල නගරයේ දෛනිකව තොග සහ සිල්ලර වශයෙන් පුවක් හා බුලත් අලවිකරනු ලබයි.
අමු පුවක් ගෙඩියක් රුපියල් 16 කට  අලෙවි  වන අවස්ථාවක්  මින් පෙර  කිසිදු දිනෙක  උදාවී නැතැයි පාරිභොගිකයෝ කියා සිටිති.
 
ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් රැගෙන එනු ලබන අමු පුවක් මෙන්ම කරුංගා පුවක් ද නාඋල නගරයේ දී අලෙවි කරනු  ලබයි.
 
පසුගිය සති කිහිපයේදීම  ක්‍රමිකව වර්ධනය වු පුවක් මිල මේ වන විට ඉතා ඉහළ  අගයක් ගෙන ඇත්තේ ඇයි දැයි  යන්න සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින්ගෙන් විමසීමේදී කියා සිටියේ ප්‍රමාණවත් පරිදි පුවක් තොග නොමැති වීම මිල ඉහළ යෑමට බලපා ඇති බවයි.
 
මඩ පුවක් මෙන්ම කරුංගා පුවක් වල ද සැලකිය යුතු මිල ඉහළ යාමක් මේ දිනිවල දි තොග වෙළදපොලේ දක්නට ලැබෙන බවත් ඉදිරියේ දී පුවක් වල මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි තොග වෙළෙන්දෝ කියා සිටියහ.
 
පසුගිය සමය පුරාවට විවිධ අන්දමින් වෙනස් කම් සිදුවෙමින් ඇතිවු කාලගුණික විපර්යාස හේතුවෙන් පුවක් පළදාව අඩුවීම,නියගය ඇති සමයේ නොමේරූ පුවක් ගෙඩි බිමට වැටීම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් පුවක් අස්වනු අඩුවීම,  මිල ඉහළ යෑමට බලපා ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වු නාඋල පුවක් තොග සැපයුම්කරුවෝ කියා සිටියහ.



අදහස් (2)

නාඋල පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක්

නිලන්ත Tuesday, 11 August 2020 05:26 PM

පුවක් හින්දයි අද මේ වෙනස...

:       0       24

ගොත්මි Thursday, 20 January 2022 12:14 PM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site