සිරංගිකා ලොකුකරවිට
දකුණු පළාතේ කාර්මික නිලධාරීන්ගේ කාර්මික දක්ෂතා හා කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියේ දී සංවිධානය කිරීමට යෝජිත ධාරිතා සංවර්ධන වැඩසටහනක් වෙනුවෙන් දකුණු පළාත් සභාව හා ඉන්සි සිමෙන්ති ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ගාල්ල, ලයිට් හවුස් හෝටලයේ දී අත්සන් කෙරිණි.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනේදී අදාළ අවබෝධතා ගිවිසුමට දකුණු පළාත් සභාව වෙනුවෙන් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා අත්සන් කළ අතර, ඉන්සි සිමෙන්ට් සමාගම වෙනුවෙන් එහි විධායක උප සභාපති අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) යාන් කුනින් මහතා ද අත්සන් කළේය.
මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඉන්සි සමාගමේ නිලධාරීන් ද එක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බඩවල් සහ සුද්දගේ බඩවල් තමයි....
සුද්දාට නැමිලා හිඟමනේ යන හැටි දැක්කම අප්පිරියයි. දකුණු පළාත් සභාව සංවර්ධනය කෙසේ වෙතත් ෆොටෝ එකේ ඉන්න අය නම් තවත් සංවර්ධනය වෙයි. ජරාව කාලද මන්දා මෙච්චර හරහට මහත් වෙන්නේ...
දකින කොටත් එන්නේ මහා කේන්තියක්
සුද්දට හිතෙනවා ඇති ලිලිපුට්ලගේ රටට ගියාවත් ද කියලා.
සුද්ද බලනවා ඇති ලංකාවේ දෙසපාලුවන්ට බෙල්ලක් නැත්තේ මොකද කියලා