තේ අපනයනයම මත නොයැපී ලෝක තේ සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව තේ අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි. කුඩා පරිමානයෙන් අපනයනය කිරීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා තේවලට මහා පරිමාණ තරඟකරුවන් සමග තරඟ කිරීමට අපහසුවන බව කියන ඔහු එතරින් තේ ආනයනයකර එවා මෙහි ඇසුරුම් කර නැවත ප‍්‍රතිඅපනයනය කිරිමේ කි‍්‍රයාමාර්ගයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිට වෙන විසදුමක් තිබුණෙම නැද්ද?
සභාපතිට වෙ විසදුමක් තිබ්බේම නැද්ද?
කුඩා තේ වතු හිමියෝ හා තමන්ගේ රට ගැන නොහිතා මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ ජාති ද්‍රෝභියෝ.අන්තිමට අපේ රටේ තේ පැළයක්වත් හොයා ගන්න බැරිවෙයි
මොකටද කුඩාපරිමානයෙන් අපනයනය කරන්නෙ... මහා පරිමානයෙන් අපනයනය කළානම් හරිනෙ.. ඇයි ඔය ලංකාදීපෙම තිබුණෙ විකුණගන්න බැරි තරම් තේ තියනවා කියලා.. ඉරාණයට යවාගන්නත් බැරිව..
තේ මණ්ඩලය තාම අඩ නින්දෙ?? කවදා නැගිටිද?? තේ පොල් රබර් ප්‍රධාන අපනයන උනේ ඉස්සර.. දැන් ගෘහ සේවිකාවෝ..
කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකයේ ප්‍රශ්නයක් වේද?
අපේ අයට ඒ වගේ වැඩ කරන්න බැරි බව දන්නෙ නැද්ද ? ඕනනම් ටැක්ස් එක ටිකක් වැඩි කරාවි....
එතකොට අපේ තේ වලට මොකද වෙන්නේ ?
එතකොට අපේ තේ වලට මොකද වෙන්නේ?
හොරැ අනිවාර්්‍යයන්ම ඕව වරායෙන් පන්නල මෙහෙ විකුණන්න පටන් ගන්නවා.. එකෙන් වෙන්නෙ ලංකාවෙ තේ කර්මාන්තය වැටෙන එක...
කරැණාකර මේගොල්ලන්ගෙ වෙබ් අඩවි බලනන්.. ඒවා හරි ප්‍රාථමික ඒව වගේ.. ඔබලාට ජාත්‍යන්තරයේ අංක එක වෙන්න ඕනනම් මේ ැනත් පොඩ්ඩක් හිතන්න වෙයි..
මේකට මොන වචන දා ගෙන ලිවුවත් අනිතිමට වෙන්නේ ලංකාවේ තේ වවන්නෝ ටික අසරණ වෙන එකයි
දස අතේ කල්පනාකරල හොයාගත්ත විසඳුමද මේ......
ඔයවගේ එක කාලෙක පොලුත් පිටරටින් ආනයනය කරන්න ගිහින් වැරදුනා නේද?
අපේ රටෙන් ගෙනියන තේ යුරෝපයේදී විකුනන්නේ ඉන්දියාවේ හරි කෙන්යාවේ හරි හදපු විදිහට. ලිප්ටන් තේ පැකට එකේ ගහල තියෙන්නේ Kenyan Tea කියලා. නමුතු ඇතුලේ තියෙන්නේ අපේ රටේ තේ. මං හිතන්නේ මේක ඒ රටවල ප්ලෑන් එකක්. එයාලගේ තේ විකුණගන්න කරන වැඩක්. තව දෙයක්. අද අපේ රටේ තේ 1 Kg විකුනන්නේ රුපියල් 700 කට වගේ. නමුත් ඒ තේ වල තියෙන්නේ No 2 හෝ 3 සහ dust එකේ මිශ්‍රණයක්. හරියට බැලුවොත් එකේ නියම වටිනාකම රුපියල් 300 ක් වත් වෙන්නේ නැ. No 1 තේ 1 Kg එකක් factory එකේ වෙන්නේ රුපියල් 300 යි. එත අපේ වෙළෙන්දෝ ගොඩක් නොසෑහෙන විදියට ලාභ ගන්නවා. රුපියල් 300 ට ගන්න තේ අතරමැදියා රුපියල් 450 ට විතර කඩේට දෙනවා. කඩේ මුදලාලි රුපියල් 700 ට විකුනනවා.
මේ මොන බොරැද?? ලංකාවෙ තේ ලන්ඩන්වල 250g ක් පවුම් 3.99 වෙනවා.. 3.99£ *රැ 200 = රැපියල් 798.00!
හැබැයි අපේ තේ මිළට වඩා අඩු මිළට තේ විකුණන්න ඉන්දියාවට සහ කෙන්යාවට පුලුවන්.ඒ නිසා ඒවා සමග තරග කරන වැඩ පිලිවෙලක් හැදුවොත් නරකද?