ස්තාන්බුල්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යුත් නිෂ්පාදන සියල්ල වර්ජනය කරන බව තුර්කි ජනාධිපති තායිප් ඇර්දොවන් පවසයි.
ක්‍රිස්තු ධර්මය පතුරුවන පූජකවරයකු තුර්කි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු නිදහස් කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය තුර්කියට අවධාරණය කළේය.
එහෙත් තුර්කිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර තුර්කියට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගත්තේය. සම්බාධකවලට අමතරව තුර්කි ආනයන මත පනවන තීරුබදු ඉහළ නැංවීමට ද ඇමෙරිකාව පියවර ගත්තේය.
දෙරට අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තුර්කි ලීරා මුදල් ඒකකය වාර්තා ගත ලෙස අවප්‍රමාණය විය.
ඇමෙරිකා විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරන බව කී තුර්කි ජනාධිපතිවරයා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව ද කීවේය.
ඇමෙරිකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කළ යුතු යැයි ද තුර්කි ජනාධිපතිවරයා කීවේය.
විදේශීය මුදල් ඒකකයකට මාරු වීම සතුරන්ට අවස්ථාවක් දීමක් යැයි ද තුර්කි ජනාධිපති තායිප් ඇර්දොවන් තවදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුර්කිය ඇමෙරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරයි
දේශ පාළු කුණුගොඩ Thursday, 16 August 2018 08:11 AM
කවුරුහරි ඇමරිකාවට තාක් කිට තරි කිට කියන්නට ඕනේ.