IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජපන් යෙන් අගය ඉහළ යාමෙන් ජපන් වාහන මිල ඉහළට

(නිමල කොඩිතුවක්කු)

රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.

ජපන් යෙන් එකක අගය රුපියලයි සත හැටතුනේ සිට රුපියලයි සත හැත්තෑඅට දක්වා සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාහනවල සී. අයි. එෆ් වටිනාකමින්  සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට තුළ වැඩි වශයෙන් අලෙවි වන  සුසුකි  වැගන් ආර් මෝටර් රථයක් රුපියල් 1,70,000 කින්ද  ටොයටා පැසෝ මෝටර් රථයක් රුපියල් 1,60,000 කින්ද, ටොයටා විට්ස්  මෝටර් රථයක් රුපියල් 2 40 000 කින්ද, ටොයටා ඇක්සියෝ  මෝටර් රථයක් රුපියල් 3 75 000 කින්ද,  ටොයටා ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා රයිස් මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා සී.එච්. ආර් මෝටර් රථයක් රුපියල් 4 70 000 කින්ද, ටොයටා වෙසල් මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා ග්‍රේස් මෝටර් රථයක් රුපියල් 3 50 000 කින්ද මිල ඉහළ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙයට සාපේක්ෂව ආනයනික සියලුම ජපන් මෝටර් රථවල මිල ඉහළ යනු ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.

මේ වනවිට වෙළෙඳපොළේ පවතින මෝටර් රථ පැරණි මිලටම ලබාගැනීමට අවස්ථාව ඇති බැවින් අලුතින් වාහන මිලදී ගැනීමට සිටින පාරිභෝගිකයන් හැකි ඉක්මනින් වාහන මිලදි ගන්නා ලෙස රන්ජන් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 



අදහස් (13)

ජපන් යෙන් අගය ඉහළ යාමෙන් ජපන් වාහන මිල ඉහළට

kamal Wednesday, 11 March 2020 08:25 PM

මේක මාෆියාවක්. වහාම නවත්වන්න ඕන. මෙහෙම සංගම් හදාගෙන මෙයාලට ඕන විදියට නටන්න දීල බලන් හිටියොත් රටේ විදේශ විනිමය නිකන් විදේශ වලට යනවා.

:       0       144

NuwanThursday, 12 March 2020 07:07 AM

සහතික ඇත්ත මේ සංගමයට නම් හොඳක් වෙන්නේ නෑ. මේ අය පටන් ගත්දා ඉදන් මොකක් හෝ හේතුවක් අල්ලාගෙන වාහන මිල වැඩිවෙනවා කියනවා. ජපානේ අඩු ග්‍රේඩ් වල වාහන ගෙනල්ලා මිනිස්සු අමාරුවේ දානවා මදිවට...... මේකනම් පුදුම මාෆියාවක්. මෙයාලා හදන්නේ මිනිස්සු බයකරලා ඉක්මනට වාහන වැඩි මිලට විකුණගන්න එක. මේ වෙලාවේ වාහන ගන්න තියා පාන් කියාගන්න බැරුව ඉන්නේ මිනිස්සු.

:       0       85

de silva Wednesday, 11 March 2020 10:43 PM

ඔය කියන කියන ගනං වලට වාහන ගන්නේ කවුද ? වෙසල්, වැගන් ආර් විකුණා ගන්න බැරිව සෙල් වල ගොඩගැහිලා , කොරෝනා නිසා ලෝක ආර්ථිකය වැටිලා. තෙල් මිල වගේම වාහන මිලත් ඉදිරියට අඩු වෙනවා , කලබල නොවී ඉවසලා ඉන්න. වාහන තිබෙන්නේ ජපානේ විතරක් නොවේ.

:       76       243

LalThursday, 12 March 2020 08:24 AM

අඩුවෙයි බලන් ඉන්නකෝ. මේ ලෝකේ ව්‍යසන එක්ක. වාහන ගත්ත අයට කියන්න තියෙන්නේ දෙන්න නම් එපා වාහන. ගන්න කියල එකක් නෑ දැන්. ගන්න හම්බවෙන්නෙත් නෑ. අඩුවෙයි අඩුවෙයි කියල ඉස්සර ඉඳන්ම මිනිස්සු නා ගත්තා. මේ කමෙන්ට් එක දාලා තියෙන මනුස්සයට ෆුට් බයිසිකලයක් වත් නැතුව ඇති.

:       573       140

dayalalThursday, 12 March 2020 11:23 AM

සිංහලෙන් පාපැදිය කියලා කිව්වට ෆුට් බයිසිකල් කියලා කියන්නේ නැහැ. හරි විදිය නම් පුෂ් බයිසිකල් (push)

:       4       4

jayaThursday, 12 March 2020 01:42 PM

ලාල් තියෙන වාහනය කියන්නකෝ...!!!

:       0       8

Perera Friday, 13 March 2020 12:02 AM

ලෝකයේ වාහන මිල අධික රටක් ලංකාව. ලංකාවේ අවුරුදු දෙක තුනක් පරණ වැගන් ආර් එකක් ගන්න ගානට මම ඉන්න රටේ අවුරුදු දෙක තුනක් පරණ මැස්ඩා, නිසාන් වගේ හොඳ වාහනයක් ගන්න පුළුවන්.

:       1       12

de silva Friday, 13 March 2020 07:25 AM

යුරෝපයේ හොඳම ආර්ථිකය තිබෙන ජර්මනියේත් කොටස් වෙළදපල 10% කින් අඩු වෙලා. ලෝකෙම විශාල ආර්ථික පසුබෑමක් තිබෙන බව පෙනී යනවා. එවිට වාහන වලට ඇති ඉල්ලුම අඩුවෙන නිසා සහ කොරෝනා වලට බයේ ජපානේ මිනිස්සු වැඩිය ගමන් බිමන් යාම, අලුත් ව්‍යාපාර පටන් ගැනීම නතර කරපු නිසා නිපදවපු වාහන වල විශාල අතිරික්තයක් තිබෙනවා. එතකොට ජපානේ ඔක්ෂන්වල වාහන මිල අඩු වෙනවා. කොටස් වෙළදපල වැටෙනකොට යෙන් එකත් බහිනවා. එතකොට ඔය ලංකාවේ වාහන මිල බහිනවා. ඔය සේල්වල ගාල් කරලා තිබෙන වාහන මොඩල් පරණ වෙන්න ඉස්සර වෙළෙන්දෝ කොහොමත් විකුණා ගන්න ඕනේනේ ? ඉදිරියට වාහන මිල වැඩි වෙනවා කියන එක සේල් කාරයෝ හදපු බොරුවක්.

:       0       166

de silva Friday, 13 March 2020 11:20 AM

ලාල් මහත්මයා, මෙතන වැදගත් වෙන්නේ මට වාහන තිබෙනවද නැද්ද කියන එක නොවේ. මම ඉදිරිපත් කරලා තිබෙන සාධක ගැන පමණක් සලකල බලන්න. චීනය සහ කොරියාව ආසන්නයේ තිබෙන ජපානයත් කොරෝන වසංගතයෙන් බැට කන රටක්. ලෝකයේ ප්‍රධාන කාර්මික රටවල් සියල්ලේම ආර්ථිකය පසුබසින විට ජපානයේ යෙන් එක නගීවි කියල කියන්නේ කොහොමද ? අනිවාර්යයෙන්ම යෙන් එක ඉදිරි සති දෙක තුන තුළ විශාල ලෙස බහිනවා. ඉල්ලුම අඩු නිසා ජපානේ ඔක්ෂන්වල වාහන මිල බැහැලා කියල තමා ජපානේ සිටින මිතුරෙක් මට පසුගිය දිනවල දැනුම් දුන්නේ.

:       1       43

මුණසිංහ Friday, 13 March 2020 03:41 PM

මේක ප්‍රවෘත්තියක් නොවෙයි. වෙළඳ දැන්වීමක්... අන්තිමට කියන දෙයින් බළලා එළියට පනිනවා. "ඉක්මණින් වාහනයක් මිලදී ගන්න". පරණ 2017-2018 වර්ෂවල වාහන ස්ටොක් එකේ තියනෙවා සේල්වල. ඒවා විකුණාගන්න ගහපු ප්ලෑන් එකක්...

:       1       89

රනසින්හ Monday, 16 March 2020 08:15 AM

හොන්ඩා ටික ටොයෝටා වෙලා. මොකද මේ?

:       2       3

Ferna Monday, 16 March 2020 10:34 PM

වාහන විශබීජානුහරනය කරලා ගන්න ඔයාලා

:       0       1

anura Tuesday, 17 March 2020 06:59 AM

මේක කථා කිරීමට තරම් සුදුසු මාතෘකාවක් නොවේ. වාහන වල මිල වැඩිකරන්න බැරි නම් ඕන දෙයක් කර ගන්න. වැලි කතරක අතරමං වූවෙකුට වතුර බෝතලයක් අනෙක් සියල්ලටම වඩා වටිනවා. මේවෙලාවේ බලන්න ඕනේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, ජලය, විදුලිය වගේ දේවල් ගැන පමණයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 26 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 17 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 11 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 18 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 8 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 9 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 11 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1288 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site