IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි

 

  • ශ්‍රී ලංකා රජය හා තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන 13ක් එක්ව පිහිටුවා ගත් ආයතනයක් 
  • ADB  හරහා රජයට ලැබුණු ඇ.ඩො. මිලියන 55ක් දිගුකාලීන ප්‍රාග්ධන ආයෝජනයක් ලෙස යොදා ගෙන
  • ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනකට ඇපකර ලබාදෙයි
  • ව්‍යාපාරවලට අනුමත කරන අවම හා උපරිම ණය මුදල රුපියල් 500,000 සහ රු.මිලියන 25ක්

භානුක අමරසිංහ


මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.

මෙහිදී ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා ඇපකර ලබා දුන් අතර එම මූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා අනුමත කරන ලද ණය පහසුකම් අර්ධ වශයෙන් ආවරණය කරමින් ණය සුරැකුම් ලබාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ජාතික ණය සුරැකුම් ආයතනය විසින් සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් (CDB ), කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව වෙත කෘෂි ව්‍යාපාරවල නියැලී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තිදෙනකු සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය මගින් පළමු ඇපකර නිකුත් කිරීම සිදු කර තිබේ. 

මෙම ක්‍රමය යටතේ, ගනුදෙනුකරුවන්ගේ ණය සඳහා දේපළ ඇපකර මත යැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවක් සහිත ව්‍යාපෘති හඳුනාගනිමින් ආයතනයේ කොටස් හිමි බැංකු හා මූල්‍ය ආයතනවලට තනි ඇප ආවරණයක් ලබා දෙමින්, ඒකී ආයතන ණය ලබා දීම සඳහා දිරිමත් කිරීම සිදුකරයි.

ශ්‍රී ලංකා රජය හා මූල්‍ය ආයතන එක්ව මෙරට කොඳුනාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උන්නතිය උදෙසා ජාතික තලය තුළ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රජය හා තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන 13 ක් අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව (PPP ) ආකෘතිය යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය සංස්ථාගත කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය මුහුණදෙන මූල්‍ය ප්‍රවේශ සඳහා පොදු අභියෝගයක් වන ඇප ගැටලු‍වට විධිමත් බැංකු ප්‍රවාහ හරහා විසඳුමක් ලබා දීමේ මූලික අරමුණ ඇතිවය.

ඇමරිකානු ඩොලර් මිලියන 55ක දිගුකාලීන ප්‍රාග්ධන ආයෝජනයක් සහිතව සංස්ථාගත කර ඇති ජාතික ණය සුරැකුම් ආයතනයේ සියයට 90ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය වෙත ආසියානු සංවර්ධන බැංකුව හරහා ලැබුණු ඩොලර් මිලියන 50ක දිගු කාලීන අරමුදල් මගින්ද, ඉතිරි සියයට 10ක කොටස් හිමිකාරීත්වය වාණිජ බැංකු 8ක්, බලපත්‍රලාහී විශේෂ බැංකු 2ක් සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 3ක් ඇතුළු මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, එන් ඩී බී බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, ඒල් බී ෆිනෑන්ස් ආයතනය, සෙට්‍රල් ෆිනෑන්ස් ආයතනය, සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් ආයතනය යන ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතන 13ක් විසින් දරනු ලබයි.

මෙම වැඩසටහන මගින්, දැනටමත් සාර්ථකව ක්‍රියාත්මකවන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය හෝ සාර්ථක අරමුණක් ඇති ආරම්භක ව්‍යාපාර සඳහාද, ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනය නොයික්ම වන අවස්ථාවලදී, හවුල්කාරී බැංකු හා මූල්‍ය ආයතන දහතුනෙන් ඕනෑම ආයතනයකින් කාලීන ණයක් සඳහා ඉල්ලු‍ම් කළ හැකි අතර ඔවුන් විසින් අනුමත කරන ණය ප්‍රමාණයෙන් සියයට 67 ක් දක්වා ණය ඇපකරයක් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය වෙත අයදුම් කළ හැකිය.

මෙම වැඩසටහන යටතේ ප්‍රාග්ධන වියදම් හා ස්ථීර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හවුල්කාරීත්ව බැංකු හා මූල්‍ය සමාගම් විසින් අනුමත කරනු ලබන අවම හා උපරිම ණය මුදල පිළිවෙළින් රුපියල් 500,000 සහ රුපියල් මිලියන 25ක් වේ.



අදහස් (0)

ජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site