(ඩයනා උදයංගනී)
කලපු ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ වැඩ පිළිවෙළක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් එක්ව ආරම්භ කර තිබේ.
පරිසර හිතකාමී අයුරින් මෙම වැඩ පිළිවෙළ ක‍්‍රියාවට නංවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පැවසීය.
කලපු ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය ධීවරයා මෙන්ම ධීවර ව්‍යාපාරයත්, කලපුව මෙන්ම පරිසර පද්ධතියත් රැකගනිමින් ධීවර ජනතාවගේ ආර්ථික, සමාජීය සංවර්ධනය වැඩිදියුණු කරලීමේ අරමුණින් ක‍්‍රියාත්මක කළ යුතු බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
ධීවර අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කරන කලපු සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම පරිසර හිතකාමී කලපු සංචාරක ව්‍යාපෘතිය ද ක‍්‍රියාවට නංවන බව වෙදආරච්චි මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීම සඳහා අමාත්‍යාංශ දෙකේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට නියමිත අතර මෙහි ආරම්භක පියවර ලෙස ඒ සම්බන්ධයෙන් ධීවර ප‍්‍රජාව, ධීවර සංගම් හා අදාළ ප‍්‍රදේශවල ජනතාව දැනුම්වත්කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්න බැරි වැඩක් සහ ලංකාව වගේ මුදල් පමණක් අරමුණු කරගෙන ව්‍යාපාර කරන කට්ටිය ඉන්නකන්... මේකෙන් වෙන්නේ කලපු ආශ්‍රිතව පරිසර පද්ධතිය විනාශ වෙනවා. ඒ වගේම මේ කලපු ආශ්‍රිතව පාරම්පරික සුළු සහ මධ්‍ය පරිමාණ ධීවරයන් අමාරුවේ වැටෙනවා. දැන්ටමත් කලපු ගණනාවක් විනාශ මුඛයට යමින් පවතින්නේ... මේ ඒවාවල හෝටල් ගහන්න දුන්නොත් සහ බෝට්ටු සවාරි දුන්නොත් විදේශීය සංචාරකයන් කෙසේ වෙතත් දේශීය සංචාරකයන් මේක නැත්තටම නැතිකරලා දානවා. මොකද අරගෙන යන කුණු දාලයි එන්නේ? මෙතනදී දාන්න වෙන්නේ කලපුවට කුණු දැම්මම එ්කත් ඉවරයි. ඒ නිසා ඔය තිබ්බ විදිහට තිබුණුදෙන්... මේ අදහසට ගොඩක් විරුද්ධ වෙයි සහ අකමැති වෙයි. නමුත් අවුරුදු 30කට අසන්න කාලයක් කලපු සහ මුහුද ආශ්‍රිත නගරයක ජීවත් වුණු පුදගලයෙක් හැටියට කියන්නේ....