එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එමිරේට්ස්’ ගුවන් සේවය මැයි 21 වැනිදා සිට ලොවපුරා නගර නවයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ‘එමිරේට්ස්’ ගුවන් සේවය ඇතුළු ලොවපුරා ගුවන් සමාගම් රැසක් ඔවුන්ගේ ගුවන් ගමන් නවතා දැමීය.
නිවේදනයක් නිකුත් කළ ‘එමිරේට්ස්’ ගුවන් සේවය ලබන 21 වැනිදා සිට නගර නවයකට ගුවන් ආරම්භ කරන බව නිවේදනය කළේය.
ඒ අනුව ඩුබායි නුවර සිට ලන්ඩන්, හීත්‍රෝ, ෆ්‍රෑන්ක්ෆර්ට්, පැරිස්, මිලාන්, මැඩ්රිඩ්, චිකාගෝ, ටොරොන්ටෝ, සිඩ්නි සහ මෙල්බර්න් යන නගරවලට ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.
එමෙන්ම බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අතර සිටින සංචාරකයන්ට ද ගුවන් ගමන් සේවා සපයන බව එම සමාගම තවදුරටත් සඳහන් කළේය.
- 055
අල්ජසීරා
COMMENTS
ලොක් ඩවුන් කාලය තුලත්,, ලන්ඩනයේ හීත්රෝ සිට කටුනායක ගුවන් තොටුපොල හරහා චීනෙට චීන්නු පටවාගෙන ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා, මින් පසුවටත් චීන්නුන්ටම භාර දීලා පිටරට වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් එමිරේට්ස් ගුවන් සේවය සමග ගමන් කරනු ඇතැයි සිතමි...
ගුවන් යානා වලට උඩුගුවනට යන්න බෑ. උඩුගුවන කියන්නෙ අභ්‍යවකාශය. ඒකට රොකට් යානයක් අවශ්‍යයි.