(විනීතා එම් ගමගේ)
ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කළ පසු චීනය, තුර්කිය, ඊජිප්තුව, නෙදර්ලන්තය, ඉරානය හා පකිස්ථානය යන රටවලින් ශ්‍රී ලංකාවට ලොකු ළූණු ආනයනය කළ බවත්, පවතින කොරෝනා වයිරසය පිළිබඳ ප‍්‍රශ්නය හේතුවෙන් මේ වනවිට රටවල් ගණනාවකින් ළූණු ආනයනය නවතා ඇතැයි ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන්, වෙළඳපොලේ ලොකු ළූණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින අතර, අද (16) වනවිට ලොකු ළූණු කිලෝව රුපියල් 280 ඉක්මවා ඉහළ ගොස් තිබිණි.
ඉන්දියාව පැනවූ ළූණු අපනයන තහනම මේ වනතුරු ඉවත් නොකිරීමත් අනෙක් රටවලින් ළූණු ආනයනය අත්හිටුවා තිබීමත් හේතුවෙන් මෙසේ මිල ඉහළ යමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.
බොහෝ රටවලින් ළූණු ආනයනය කිරීමට දින 45කට ආසන්න කාලයක් ගතවන බව කී ඔහු එය ද පවතින ඉල්ලූමට අනුව සැපයීමට නොහැකි ප‍්‍රශ්නයක් යැයි කීය.
කෙසේ වෙතත් මේ වනවිටත් පකිස්ථානයෙන් ළූණු ආනයනය කරන බව කී එම ප‍්‍රකාශකයා ඉන්දියාවේ මේ වනවිට ළූණු අස්වනු වෙළඳපොළට එමින් ඇති බැවින් පනවා ඇති අපනයන තහනම ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
මේ වනවිට ඉන්දියාවේ ළූණු මිල අඩු වෙමින් ඇතැයි පැවසූ ඔහු තවදුරටත් අඩුවනවිට අපනයනයට අවසර ලැබෙනු ඇති බවත් ඉදිරි සතියේ එම තහනම ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙවත් රටවල් වල මිල අඩුවෙනකල් බලා ඉන්න ඕන නෑ, අපේ රටේ ළූණු වවන්න පුළුවන් රටටම ඇති වෙන්න. නමුත් එකට නිසි ක්‍රම වේදයක් හදන්න ඕන. විශේෂයෙන්ම හොද ප්‍රභේද වල බීජ නිෂ්පාදනය කරන්න ඕන. අපේ රටේ පවතින බීජ මාෆියාව හින්ද ගොවියන් අමාරුවේ වැටෙනවා. මිල මුදල් ඇති අය කීපදෙනෙක් එකතුවෙලා ඉන්දියාවටම ගොස් බීජ රැගෙන ඒමට පුරුදුව සිටිනවා. එහෙම බැරි අහිංසක බහුතරයක් ගොවීන්ට සිදුවන්නේ "මුදලාලි" ලා ගෙන් කලවම් කරන ලද බීජ මිලදී ගැනීමටයි. රජයේ නිසි මැදිහත් වීමක් තිබෙනවානම් බීජ අපේ රටේම නිපදවා ගන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යංශයක් තිබුනට එකෙන් කරන්නේ විශාල ගොඩනැගිලි වලට නිකරුනේ කුලී ගෙවන එක විතරනේ..
වගාවලට සම්බන්ධ කිසිම රාජ්‍ය ආයතනයක් වගාකරුවන්ට උදව් දෙන්නේ නැහැ. කෘෂිකර්මය, පොල් වගාකිරීමේ මණ්ඩලය, රබර් පාලන දෙපාර්තමේන්තුව යනාදී ආයතන. වගාවලට වැළඳෙන ලෙඩ ගැන මේවයේ ඉන්න නිලධාරීන් දක්වන කුසීත කමෙන් තේරෙන්නේ ඔවුන් දැනුවත් නැති බව සහ උනන්දුවක් නැති බව.
දැන් සැපද ?
ගොවියා සුරා කන්න අතරමැදියන්ට එදා දීලා තියෙන්නේ මේක මහා අපරාධයක්.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නී ලංකාවේ තිබෙන දෙපාර්තමේන්තු වලින් දුර්වලම එකක්, එහි සේවකයන්ගෙන් 80% කරන්නේ වැටුප් ලබමින් නිකන්ම කාලය ගතකිරීම.
කලින් තිබුනේ නම් හරි අඩුවට........