රෝගයකට ප්‍රතිකාර සොයනවාට වඩා එම රෝගය කවර ආකාරයෙන් වැළදිය හැකිද,එයට කළ හැකි උපරිම හානිය කොපමණවේද,රෝගය වැළදීමට මුල් වන රෝගකාරකය තවදුරටත් වැඩිදියුණු කර එහි විනාශ කාරී ස්වභාවය දෙගුණ තෙගුණ කළ හැකිද,ආදී ලෙස විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ සාදාචාර බැමි වලින් මිදී පර්යේෂණ කටයුතු කරන ‘වියරු විද්‍යාඥයෙකු‘ ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.

සමකාලීන සගයින්ගේ ගැරහුමට නිතරම ලක්වන එහෙත් තම පර්යේෂණ කටයුතු දිගටම සිදුකරගෙන යමින් සිටින මේ විද්‍යාඥයා නමින් මහාචාර්ය යොෂිරෝ කවඕකාය.

මේ දිනවල ඔහු නියැළී සිටින බව පැවසෙන්නේ 2009 වසරේ මහත් ජීවිත විනාශයක් සිදුකිරීමටත්,ලොවම බියෙන් ඇළලීමටත් සමත්වූ සූකර උණ වෛරසයේ තවත් වැඩිදියුණු කළ වෛරස ප්‍රභේදයක් ඇති කිරීම සම්බන්ධ පර්යේෂණ කටයුතු වලය.මහාචාර්ය යොෂිරෝ මෙම වැඩිදියුණු කළ වෛරසය මේ වන විටත් නිර්මානය කර අවසන් බවත් එය මර්දනය කිරීමේ සමත් කිසිදු ඖෂධයක් මෙලොව නම් නොමැති බවත් ඔහුගේ සමකාලීන විද්‍යාඥයෝ කියති.

මෙය ඔහුගේ මෙවැනි පළමු පර්යේෂණය නොවේ.1918 වසරේදී ස්පාඤ්ඤයේ දහස් ගණනක් ඝාතනය කළ උණ රෝගයට හේතුවූ වෛරසයේ විනාශකාරී භාවය තවත් වැඩිදියුණු කර තවත් අලූත් වෛරසයක් නිපදවීමට සමත්වූවේයැයි ඔහු පසුගිය සමයේ විද්‍යාත්මක පති්‍රකාවක්ද එළි දැක්වූවේය.වෛරසය නිර්මානය කිරීම සදහා ඔහු යොදාගෙන ඇති බවට සදහන් කර තිබුණේ ජාන තාක්ෂණයයි.

තම විද්‍යාඥ සගයින් නගන චෝදනා වලට පිළිතුරු ලෙස මහාචාර්ය යොෂිරෝ පවසන්නේ තමන් මෙසේ වෛරස නිර්මානය කිරීමේ වැඩිදියුණු කිරීමේ යෙදී සිටින්නේ යහපත් අරමුණු ඇතිව බවයි.

‘උදාහරණයක් හැටියට හිතමු එක් වතාවක් කුරුලූ උණ වැළදුනාය කියලා.ප්‍රතිකාර කළා සුව වුනා.දැන් ආයේ පාරක් කුරුලූ උණ වැළදිලා.ඉස්සෙල්ලා කරපු ප්‍රතිකාරය කරනවා සුව වෙන්නේ නැහැ.මොකද මේ සැරේ රෝගය හැදෙන්න මුල් වෙලා තියෙන්නේ කුරුලූ උණ වෛරසයේ වෙනත් ප්‍රභේදයක්.එතකොට දෙන්න ඕනේ ප්‍රතිකාරත් වෙනස්.අපේ පර්යේෂණ වලින් හෙළි වුනා කුරුලූ උණ වෛරසය මිනිසුන්ට බෝ කරනා කුරුල්ලන්ගේ තිඛෙන්නේ එකම වෛරසය නොවේ,කුරුලූ උණ වෛරසයේම වෙනත් ප්‍රභේදයන් කියලා.ඒ ඒ වෛරසයන් මිනිසාට එල්ල කරන තර්ජනයත් වෙනස්.ඉතින් අපිත් කරන්න උත්සාහ කරන්නේ මේකයි.එකම වෛරසයේ වෙනස් ප්‍රභේදයන් ඇති කරලා බලනවා ඒවා කොපමණ හානි දායකද කියලා.එතකොට ඖෂධ නිපදවන්නත්, ලබා දෙන්න වුවමනා ප්‍රතිකාරය තීරණය කරන්නත් පහසුයිzz ඔහු පවසයි.

නමුත් බහුතර විද්‍යාඥයින් යොෂිරෝගේ අදහස හා එකග නොවේ.අනවශ්‍ය අවදානමක් නොගෙන රෝගයකට ගැලපෙන ප්‍රතිකාර ක්‍රම සොයාගත හැකි වෙනත් ක්‍රම බොහෝ ඇතැයි ඔවුහු කියති.

පර්යේෂණ කටයුතු වලින් ජීවිත බේරා ගත හැකි වනු ඇතැයි ස්ථීර සහතිකයක් නොමැතිව මෙසේ හිතුමනාපයට පර්යේෂණ කිරීම භයානක ප්‍රතිඵල ගෙන දෙනු ඇතැයි ඔවුහු පවසති.

මහාචාර්ය යොෂිරෝ තම පර්යේෂණ කටයුතු කරනා පර්යේෂණාගාරයේ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔවුහු බිය පළ කරති.එය හොද තත්ත්වයේ පර්යේෂණාගාරයක් වුවද හොදම තත්ත්වයේ එකක් නොවන බව ඔවුහු පෙන්වා දෙති.

‘හරි අපි හිතමු මහාචාර්ය යොෂිරෝගේ පර්යේෂණ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් අනෙක් අය එක්ක ආරෝවක් ඇති කරගෙන පාඩමක් උගන්වනවාය කියලා ඔය හදන වෛරසයක් පර්යේෂණාගාරයෙන් එළියට ගෙන ආවය කියලා.දැන් ඕක කෙනෙක්ට අනිවාර්යයෙන් ආසාදනය වෙනවා.මොනවා හරි ක්‍රමයකින් තවත් කෙනෙක්ටත් ආසාදනය වෙන්නටත් වෛරසයට පුලූවන්ය කියල් හිතුවොත් තත්ත්වය තවත් භයානකයි.ඒ ඔක්කොටම වඩා මහාචාර්ය යොෂිරෝගේ පර්යේෂණ කටයුතු වලින් නිපදවලා තිඛෙන වෛරසයන් ඇතැම් ඒවාට ඛෙහෙතුත් නැහැ. යැයි ඔවුහු තම අදහස් දක්වති.

විද්‍යා ලෝකයේ ස්ථීරසාර යැයි කිසිදු දෙයක් නොමැති බැවින් මෙවැනි සිදුවීමක් සිදුවීමේ අවදානමක් නැතැයි නොසළකා හැරිය නොහැකි යැයි ඔවුහු පවසති.

කෙතරම් විරෝධතා නැගුණද මහාචාර්ය යොෂිරෝ හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම තම කටයුතු අත්හැරීමට සූදානම් නැත.තමන්ගේ වැඩ කටයුතු මිනිසාගේ හිතසුව සදහාම පමණක් වන හෙයින් නොනවත්වාම පර්යේෂණයන් සිදුකරන බව ඔවුහු අවධාරණය කරති.