IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැරෙන කල් සටන් කරනවා: ගඩාෆිගේ වැඩිමල් පුතු කියයි

කැරැලි - කරුවන් සමඟ මරණය තෙක් සටන් කිරීමට තමන් සූදානම් යැයි තවමත් ලිබියාවේ රැඳී සිටින ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ඊයේ (1) ප‍්‍රතිඥාවක් දුන් අතර ගඩාෆිගේ තවත් පුතකු වන සාදී පවසා ඇත්තේ තමා යටත් වීමට සූදානම් බවය. සාදී ගඩාෆි ඊයේ අල් ඇරේබියා රූපවාහිනී සේවයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ආරක්ෂාව ලබා දෙන බවට සහතික වන්නේ නම් යටත් වීමට සූදානම් යැයි තමා ලිබියා කැරැලිකරුවන්ට දැනුම් දුන් බවය. ලිබියා කැරැලිකාර පාර්ශ්වය ද ඒ බව තහවුරු කර තිබේ. මේ අතර ගඩාෆිගේ වැඩිමහලූ පුතු සෙයිෆ් අල් ඉස්ලාම් පැවැසුවේ තමා තම පියාගේ උපන් ගම වන සැලකෙන සර්තේ නුවර, 25,000 ක බලඇණියක් ද සමඟ කැරැලිකරුවන්ට එරෙහි සටන් වැදීමට සූදානමින් සිටින බවය. ගඩාෆිගෙන් පසු ලිබියාවේ පාලනය උරුම වීමට තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්හටය. කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සෙයිෆ් අල් ඉස්ලාම් කැරැලිකරුවන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් පසුව ඔහු බේරී පලා ගිය බව වාර්තා විය.



අදහස් (0)

මැරෙන කල් සටන් කරනවා: ගඩාෆිගේ වැඩිමල් පුතු කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site