
ලෝකයේ වියළි රටක් ලෙස සැලකෙන, ලතින් ඇමෙරිකාවේ, චිලී රාජ්‍යයට හිටිහැටියේ මහ වැසි ඇද හැලුණි. චිලී කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, වසරක් තිස්සේ එරටට වැටෙන වර්ෂාපතනය පැය දෙක තුනකදී ලැබුණු බවය.
හදිසියේ හටගත් මහ වැසි හේතුවෙන් පළාත් රැසක නායයෑම් සහ ජල ගැලීම් හටගත් බව ද පැවැසිණි. මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් උන් හිටිතැන් අහිමි වුණු ගණන 25,000 කට වැඩිය.
ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් බලපෑමට ලක්වුණු ප්‍රධාන නගරය වන්නේ ටොකොපිලා ය. වසරකට මෙම නගරයට ලැබෙන වර්ෂාපතනය මිලි මීටර් 5 කි.
කෙසේ නමුත් ඊයේ (19) පැය කීපයක් තුළ නගරයට ඇද හැලුණු වර්ෂාපතනය මිලි මීටර් 30 ක් යැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd