ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ඒ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

ට්‍රම්ප් මෙවැනි සටහනක් තැබුවේ, ඉරානය සමග ගැටුම් අවසන් කිරීමට පැවැති සාකච්ඡා අසාර්ථක වීමත්, ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමෙන් පලක් නැතැයි ඉරාන නායකත්වය ට්‍රම්ප්ට ප්‍රතිචාර දැක්වීමත් සමගය.

‘ඉරානය දිගින් දිගටම මුරණ්ඩු වෙනවා. පෙර නොවූ විරූ ආකාරයට කිසිම රටක් මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ ආර්ථික සම්බාධකවලටත්, ආර්ථික පීඩනයකටත් ඉරානයට මුහුණ දෙන්න සිදුවේවි.’ යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.